(මහින්ද නිශ්ශංක)
දුම්රියේ ගමන් ගත් මගියකුගේ මුදල් පසුම්බිය සොරාගත් පුද්ගලයකු පසුපස කිලෝමීටරයක් පමණ ලුහු බැඳ ගොස් කොල්ලකරු සහ මුදල් පසුම්බිය අල්ලා ගැනීමට දුම්රිය ආරක්ෂක හමුදාවේ මෙහෙයුම් ඒකකයේ ආරක්ෂක නිලධාරීහු අද සමත් වූහ.
කොටුව සිට පුත්තලම බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියේ සිටි මගීයාගේ මුදල් පසුම්බිය සොරාගත් එම පුද්ගලයා දුම්රිය පැන දුම්රිය ස්ථානයේ ඉදිරිපස දොරටුවෙන් පැන යන බව දුටු එම අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක නිලධාරීන් ඔහු පසුපස ලුහුබැඳ ගොස් කොටුව ටෙලිකොම් ආයතනය අසලදී මුදල් පසුම්බියද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
පසුව වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුව කොටුව පොලිසියට භාරදී තිබේ.
මුදල් පසුම්බිය සොරාගත් පුද්ගලයා සොරකම් කිහිපයක් ඇතුළු සිද්ධීන් රැසක් සම්බන්ධව පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයකු බව කොටුව පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම තවත් අනාගත ඇමතිවරයෙක්
අතපය තියෙනවා නම් කුලීවැඩක් කරපන්කෝ වසලයා.
ඒ නිලධාරීන්ට අපේ ප්‍රණාමය. සමහර නිලධාරීන් මෙවැනි අවස්ථාවල නොදැක්කා සේ සිටිනවා.