IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සැතපුමක් දුර පන්නා දුම්රියේ ගැට කපන්නා අල්ලයි

(මහින්ද නිශ්ශංක)

දුම්රියේ ගමන් ගත් මගියකුගේ මුදල් පසුම්බිය සොරාගත් පුද්ගලයකු පසුපස කිලෝමීටරයක් පමණ ලුහු බැඳ ගොස් කොල්ලකරු සහ මුදල් පසුම්බිය අල්ලා ගැනීමට දුම්රිය ආරක්ෂක හමුදාවේ මෙහෙයුම් ඒකකයේ ආරක්ෂක නිලධාරීහු අද සමත් වූහ.

කොටුව සිට පුත්තලම බලා  ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියේ සිටි මගීයාගේ මුදල් පසුම්බිය සොරාගත් එම පුද්ගලයා දුම්රිය පැන දුම්රිය ස්ථානයේ ඉදිරිපස දොරටුවෙන් පැන යන බව දුටු එම අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක නිලධාරීන් ඔහු පසුපස ලුහුබැඳ ගොස් කොටුව ටෙලිකොම් ආයතනය අසලදී මුදල් පසුම්බියද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

පසුව වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුව කොටුව පොලිසියට භාරදී තිබේ.

මුදල් පසුම්බිය සොරාගත් පුද්ගලයා සොරකම් කිහිපයක් ඇතුළු සිද්ධීන් රැසක් සම්බන්ධව පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයකු බව කොටුව පොලීසිය පවසයි.

 



අදහස් (3)

සැතපුමක් දුර පන්නා දුම්රියේ ගැට කපන්නා අල්ලයි

sarath perth Tuesday, 17 January 2023 09:09 PM

නියම තවත් අනාගත ඇමතිවරයෙක්

:       0       10

Sarasi Tuesday, 17 January 2023 11:39 PM

අතපය තියෙනවා නම් කුලීවැඩක් කරපන්කෝ වසලයා.

:       0       7

Senarath Wednesday, 18 January 2023 09:08 AM

ඒ නිලධාරීන්ට අපේ ප්‍රණාමය. සමහර නිලධාරීන් මෙවැනි අවස්ථාවල නොදැක්කා සේ සිටිනවා.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site