(සුජිත් හේවාජුලිගේ )
මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක ප්‍රධානීහු මැතිවරණ කොමිෂන් සභාවට හෙට (18) උදේ කැදවෙති.
මැතිවරණ කටයුතු පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගැනීම සඳහා මෙම ආයතන මෙසේ කැඳවූ බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවනු ලැබ ඇති අනෙකුත් ආයතන අතර ජල සම්පාදන මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යනාදියද වෙයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාද කොමිසම හමුවට අද කැඳවනු ලැබ සිටියි. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක්ද හෙට උදේ 10.00 ට පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ජන්දෙ දාන්න හිතෙන්නෙ නෑ. ප්‍රාදේශීය දේශපාලනය හා ඒ තුල තියෙන කල්ලිවාදය නිසා අපි අන්ත අසරණ වෙලා ඉන්නේ. කොටසකට නීතිය කඩන්න කිසිම බාධාවක් නෑ. මැතිවරණ කොමිසමට බලය තියෙන්නේ මැතිවරණ තියන්න විතරද? ඊටපස්සේ අනීතියට යටවෙලා අපි ජීවත් වෙන්න ඕනෙද? විසඳගන්න අමාරැ ප්‍රශ්නයක්
චන්දෙට සල්ලි නැතිනම් අනවශ්‍ය වියදම් නතර කරන්න. ආර්ථික දුෂ්කරතාවක් ඇත්නම් හිටපු ජනාධිපති වරුන්ට ඔවුන්ගේ වැන්දබුවනට ධූරය දාලා ගිය ජනාධිපතිවරයා මාස් පතා තව දුරටත් මහජන මුදල් වලින් යැපීම සදාචාර නැත. නිදහස් උත්සව තියලා පම්පෝරි ගහන ඒවගෙන් ජනතාවට සෙතක් වෙන්නේ නැත