(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
අධිකරණයට අපහාස කළැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව නීතිපතිවරයා අද අභියාචනාධිකරණය හමුවේ චෝදනා ගොනු කළේය.
නීතිපතිවරයා මෙසේ චෝදනා ගොනුකරනු ලැබුවේ අධිකරණයට අපාහසයක් සිදුකර ඇතැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනුකළ පෙත්සම් අභියාචනාධිකරණය කැඳවූ අවස්ථාවේදීය.
මෙම පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි ගිරියාගම මහත්මිය කියා සිටියේ චෝදනා ලැබ සිටින අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයේ අපහාස චෝදනා ගොනු කරනු ලබන බවත් මේ සම්බන්ධව වීඩියෝපට සහ අදාළ සාක්කි ලැයිස්තුව ඉදිරියේදී අධිකරණයේ හමුවේ ගොනු කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය ඇමතිකම ලැබුණ ගමන් රථගාය හැදිල තමන්ට වෙන්කල වාහන ගණන බැලුව. ඒ ගමන්ම හෙන්චයියෝ එක්ක වාහන ටික රැගෙන යන්න ගියා. ඔන්න රාජ්‍ය ඇමතිකම.... මේත් ඇමතිවරුද?
හිරකරන එක බෙල්ලටම හිර කරන්න.
මේ නූගත් වසලයා දැනටමත් හිරේ ඉන්න ඕනි පාතාලයෙක්
මෙයා ආණ්ඩුවේ බලය අරගෙන පොර ටෝක් දෙනවා.