IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රටින් පිටමං කළ ධනය රටේ ණය බරට සමානයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පසුගිය දශක දෙකක කාලයේ දී  රටෙි ආනයන අපයනවලින් 7% ක් සඟවා ඇතැයි ද  එසේ රටින් පිටමං කර ඇති ධනය රටේ සමස්ත ණය බරට සමාන යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

තේ,රබර්, පොල් වලට සීමා වී තිබෙන  අපනයන ආර්ථිකය ඉන් ඔබ්බට ගෙන ආ යුතු බව කී මන්ත්‍රීවරයා අපනයන විවිධාංගීකරණය වඩාත් වේගවත් කිරීම සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද සඳහන් කළේ ය. 

“ජාත්‍යන්තර වෙළඳාමේ තිබෙන අගය මුලින්ම වටහා ගත්තේ අපේ මහා පරාක්‍රමබාහු රජතුමා. එතුමා සාමාන්‍යයෙන් කෘෂිකර්මයෙන් ඔබ්බට ගිහිල්ලා ආසියාවට ලෝකයට ජාත්‍යන්තර වෙළදාම හරහා රට විවෘත කළා.

1976 න් පස්සේ මේ දක්වාම අපි අනුගමනය කරලා තියෙන්නේ අපනයන අභිමුඛ ආර්ථිකයක් භාණ්ඩ නිෂ්පාදනයට. මේක කොච්චර සාර්ථක වෙලා තියෙනවද? 1990 න් පස්සේ මේ රටේ අපනයන කළඹ දිහා අපි බැලුවොත් කිසිම වෙනසක් වෙලා නෑ. ඒ අනුව තමයි තාමත් අපි ඇඟලුම් කර්මාන්තයටයි, තේ, පොල්, රබර් වලටයි සීමා වෙලා තියෙන්නේ යනුවෙන්ද පාඨලී චම්පික රණවක මහතා කීය.



අදහස් (6)

රටින් පිටමං කළ ධනය රටේ ණය බරට සමානයි

Nandana Tuesday, 17 January 2023 05:32 PM

දැනුයි දන්නේ, පව් ඡන්දේ ළඟ නිසා මරුවිකල් වෙලා.

:       2       2

නිමේෂ් Tuesday, 17 January 2023 07:53 PM

සීනිබදු හොරු ගැන වගේම මේ රටට අයිති ඩොලර් බිලියන් 40ක් පමණ අපේ මුදල් ගන්න විදිහක් ගැන කවදාවත් රනිල් කතාකරන්නේ නැහැ , IMF ණයයි අපේ සාක්කුවටම විදින්න බලාගෙන ඉන්නවා විතරයි .

:       2       2

SENA Tuesday, 17 January 2023 09:41 PM

රටින් පිටමං කර ඇති ධනය සගවා තිබෙන්නේ කුමන රටේද ?

:       0       3

chandima Tuesday, 17 January 2023 11:01 PM

ඒ කාලේ ඇමතිකම් අරන් සුර සැප විඳලා දැන් බයිලා කෙලිනවා අපිව ගොනාට අන්දන්න

:       2       3

තෙපානිස් Wednesday, 18 January 2023 08:05 AM

ඒ කියන්නෙ 1994 සිට මේ දක්වා අපනයනය කල දෙයින් රටට ලැබියයුතු ආදායම් සියයට හතක් රටට ගෙනාවෙම නැතුව දේශපාලුවො ඔවුන්ගේ වත්කම් ඇතිකර ගත්තා කියලා නේද. ඒකත් තේ, රබර්, පොල්, කුරුදු හා සුලු අපනයන ආදායම් අඩුවීමට හේතුවක් වුනා එයින් වගාකරුවන් හා නිෂ්පාදකයින්ට ලැබියයුතු ආදායම් සියයට හතක් නොලැබීගියා නිෂ්පාදනය අඩුවීමට ඒක හේතුවක් වෙන්න පුළුවන් නේද ඔබතුමාගෙ අලුත්ම සංධානය මෙහෙම දේවල් සදහා අනුගමනය කරන කටයුතු මොනවාද.?

:       0       5

Senarath Wednesday, 18 January 2023 09:15 AM

තමනුත් පසුගිය අවුරුදු 20 ඇතුලත බලයේ හිටපු රජයන් වල ඇමතිකම් දැරුවා නේද.?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site