(විමුක්ති එස් රුද්‍රිගු)
රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට සහභාගී වුණැයි පසුගිය වසරේ අගෝස්තු මස සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා වහාම නිදහස් කරන ලෙසත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසත් පවසමින් දේශීය සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 7ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇත.
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, හියුමන් රයිට්ස් වොච් ඇතුළු දේශීය සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 7ක් විසින් නිකුත් කරන ලද එම නිවේදනයේ දැක්වෙන්නේ, ආණ්ඩුව අත්තනෝමතික ලෙස මෙම ශිෂ්‍ය ක්‍රියාකාරී නායකයා රඳවා තබාගැනීම දැඩි ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2022 අගෝස්තු 18 වනදා අත්අඩංගුවට ගත් මුදලිගේ රඳවාගෙන දින 140 කට ආසන්න කාලයක් ගතවුවත් ඔහුට එරෙහිව කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක් නීතිය හමුවේ ඔප්පු කිරීමට බලධාරීන් අසමත්ව ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව හිමිකම් ලේබලයෙන් එන්නෙම ත්‍රස්තවාදීන්ට , මිනීමරුවන්ට ,දූෂකයින්ට ,කඩාකප්පල්කාරීන්ට උඩගෙඩිදෙන රටවල් අස්තාවර කරන්න දත කන ජාත්‍යන්තර සංවිධාන .
මොන සංවිධාන හැදිලා ආවත් ඔක්කොම් ජෙප්පෝ තමයි. වසන්ත කියන්න අතීතයේ ඉඳලාම ජෙප්පන් වෙනුවෙන් විශවවිද්‍යාල පීඩිතයින් මෙහෙයවපු හාදයෙක්. මෙයාගෙන් රටට වැඩක් නැහැ. ඒ නිසා හැමදාම බන්දනාගාරයේ හිටියා කියල අපිට පාඩුවක් නැහැ.
පස් වතාවක් ජනතාව ඉහලින්ම ප්‍රතික්ෂේප කල රනිල්ගේ රජය යටතේ මානුෂික නිදහස, මූලික අයිතිවාසිකම් වල පල්ලට ගොස් හමාරයි.