IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මුදලිගේ නඩුව වෙනත් අධිකරණයකට මාරුකරයි

(විමුක්ති එස් රුද්‍රිගු සහ ලහිරු හර්ෂණ)

ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත් අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ  නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී  නීතිපති වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා  නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස ඉල්ලීමක් කළේය.

පසුගිය නොවැම්බර් මස 17-22 අතර කාලයේ සිදුවුණු සිදුවීමක් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් හතර දෙනකු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ හතරක් ඉදිරිපත් කර තිබෙන බවත් ඒ සම්බන්ධව අද (17) සහ හෙට (18) දෙදින ඇතුළත අධිකරණ සේවා කොමිෂන් සභාවට විධිමත් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා පැමිණිල්ලක් සිදුකරන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පැවසුවේය.

එය පොලිස්පතිවරයා නීතිපතිවරයාට දැනුම් දී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කියා සිටියේ නඩුව වෙනත් අධිකරණයකට මාරු කිරීමට අවශ්‍ය නම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 46 වෙනි වගන්තිය යටතේ අභියාචනාධිකරණයටත් 47 වෙනි වගන්තිය යටතේ නීතිපතිවරයාටත් ඒ පිළිබඳ ක්‍රියා මාර්ග ගැනීමට හැකියාව තිබෙන බවය.අධිකරණ සේවා කොමිෂන් සභාවට එම දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර පැමිණිලි නොකර එම දිවුරුම් ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ළඟ තබා ගනිමින් මෙසේ අධිකරණය මාරු කිරීමට ඉල්ලීමක් කිරීම සදාචාරාත්මක නොවන බවද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ ප්‍රකාශයක් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය පවසා සිටියේ සැකකරුවන් කිසිම කෙනෙක් අධිකරණය නොදන්නා බවත් ඇඳුනුම් කමක් නොමැති බවත්ය.විමර්ශන ඉක්මණින් අවසන් කිරීමට කටයුතු කරන ලෙස තමන් හැමවිටම උපදෙස් දුන් බවත් සායන කාඩ්පත අතැතිව සිටි රෝගී සිරිධම්ම හිමිට ස්වාමින් වහන්සේ නමක් වීම හේතුවෙන් සද්භාවයෙන් තමන් විමර්ශන නිලධාරීන් දැනුවත්ව සස්ටජන් කිරිපිටි එකක් සහ සිංහල ඖෂධ පැකට් කිහිපයක් ලබා දුන් බවත් මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය පැවැසුවාය.

ඉන් අනතුරව නොම්බර 1 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත  නඩුව මාරු කළ අතර එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ලබන 31 වැනිදා තෙක් වසන්ත මුදලිගේ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

එදිනට ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරන බවද ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පැවසුවේය.

එම ඇප ඉල්ලීමට අදාළ ලිඛිත දේශන තිබේනම් ඒවා ලබන 24 වැනිදාට පෙර ගොනුකරන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.

 



අදහස් (0)

මුදලිගේ නඩුව වෙනත් අධිකරණයකට මාරුකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site