
(සුමිත් පොතුපිටිය)
පානදුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ නිවසකට රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනිතබා විනාශ කර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.
ගින්නෙන් ජීවිත හානි සිදුව නොමැති බවත් සිදුව ඇති දේපල හානිය මෙතෙක් ගනන් බලා නොමැති බවත් පොලිසිය සදහන් කරයි.
පානදුර ජනප්‍රිය මාවතේදී දෙපිරිසක් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බවත් එයින් පහරකෑමට ලක්වූ දෙදෙනකු පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය කීය.
එම පහරදීම මුල්කර ගනිමින් මෝදරවිල මහල් නිවාස සංකීර්ණයට පැමිණි නාදුනන පිරිසක් පහරදීම සිදුකල බව කියන පුද්ගලයන් පදිංචි මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලේ නිවසට ගිනි තබා ඇති බව උසස් පොලිස් නිලධාරීයෙක් කීය.
මොරටුව මහ නගර සභාවේ ගිනි නිවන රථයක් පැමිණ ප්‍රදේශවාසීන්ගේ සහායෙන් ගින්න පාලනය කර ඇතත් දැඩි ලෙස හානි සිදුව ඇතැයිද සදහන් වේ.
මෝදරවිල මහල් නිවාස සංකීර්ණය අවට පොලිස් ආරක්ෂාව යොදා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හරියේ වටපිටාව නම් හරිම අජූතයි.
අනේ දැන් නම් පානදුර එන්න එන්නම අනාරක්ෂිත වීගෙන එන්නේ. අති ගරු ජනාධිපතිතුමනි කාලකන්නි තුට්ටු දෙකේ මැරයන්ගෙන් අපේ නගරය ආරක්ෂා කර දෙන්න.
රොසාන් නියම කෙනාගෙන්නේ අහන්නේ? මෙයාලා හින්දා තමයි අද මුළු රටම ගිනි ගෙන තියෙන්නේ...