
(ඩයනා උදයංගනී)
සිංහල සිනමාවේ කිවිඳිය ලෙසින් හැඳින්වුණු මෙරට සිනමාවේ සම්මානනීය සහ ජ්‍යෙෂ්ඨතම සිනමා නිර්මාණවේදිනියක වන ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
ඇය අභාවප්‍රාප්ත වන විට 87 වැනි වියෙහි පසුවිය.
ලෝක පූජිත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිය වූ සුමිත්‍රා පීරිස් මහත්මිය ලාංකීය සිනමාව වෙනුවෙන් සිනමා නිර්මාණ දායාද කළාය.
ආචාර්ය ලෙස්ටර් සූරීන්ගේ ”සංදේශය” චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂිකාව ලෙසින් 1960 වසරේ සිනමා වරම් ලැබූ ඇය ඉන්පසු සංස්කාරවරියක් ලෙසින් ”ගම්පෙරළිය”, ”දෙලොවක් අතර”, ”රන්සළු”, ”අක්කර පහ”, ”ගොළු හදවත” සහ ”බක්මහ දීගේ” වැනි චිත්‍රපටවලට සම්බන්ධ වූවාය.
“ගැහැණු ළමයි” චිත්‍රපටයෙන් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන ඇය “ගඟ අද්දර”, “යහලු යෙහෙලි”, “මායා”, “සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා”, “ලොකු දුව”, “දුවට මවක මිස”, “සක්මන් මළුව”, “යහලුවෝ” සහ “වෛෂ්ණාවී” වැනි චිත්‍රපට රැසක් අධ්‍යක්‍ෂණය කළාය.
“ගැහැණු ළමයි” ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණයට ද පිවිසි ඇය සිය සැමියා වන ලෙස්ටර් ජේම්ස් සූරීන් සමඟ එක්ව “ගොළු හදවත” ටෙලිනාට්‍යයේ සම අධ්‍යක්ෂණයෙන් ද දායක වූවාය.
සිනමා සංස්කාරවරියක සහ චිත්‍රපට අධ්‍යක්ෂිකාවක ලෙස දෙස් විදෙස් සම්මානයන්ගෙන් ද ඇය පිදුම් ලැබුවාය.
ඉකුත් වසරේ ඇය ගෞරව ආචාර්ය උපාධියකින් ද පිදුම් ලැබූ අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙළ සිනමාවේ කිවිඳිය සමුගනී
Shantha - Qatar Thursday, 19 January 2023 11:33 AM
අමා මහ නිවන් සුව ඔබ තුමියට
iks chandrasiri Thursday, 19 January 2023 12:00 PM
නිවන් සුව ලැබේවා ...මැතිනියනි
SUNIL MILANO Thursday, 19 January 2023 01:33 PM
ඔබතුමිය තමා මවුබිම වෙනුවෙන් කල සේවයට හිස නමා ගෞරවය කරන අතර අජරාමර උතුම් වූ නිවන්සම්පත්තිය ලැබේවා කියාද පතමි
gunda Thursday, 19 January 2023 02:31 PM
දයාබර සම්මානනීය මතිතුමියනි, ඔබ තුමියට අමා මහ නිවන් සුව අත්වේවේවා!