දුම්රිය රාක්කය මතින් අරගලයට කොළඹ ජනාධිපති ලේකම්කාර්යලය අසල අරගලයට සහභාගීවිමට ආ පිරිසට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේදී දැඩි දුෂ්කරතාවයට පත්ව සිටියහ. 09 July 2022
බන්දුල ස්වාධීන වෙයි තමා ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ධූරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව, ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 09 July 2022
පක්ෂ නායක රැස්වීමෙි දී තීරණ හතරක් ගනියි පක්ෂ නායක රැස්වීමේදී ප්‍රධාන තීරණ හතරකට එළඹි බව සමගි ජනබලවේගයේ පාලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 09 July 2022
පාර්ලිමේන්තුව ඉදිරිපිටත් විරෝධයක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් ඉවත්වන ලෙසට බල කරමින් පාර්ලිමේන්තුව ඉදිරිපිට ද මේ වෙන විට විරෝධතාවයක් ආරම්භ කර ඇත . 09 July 2022
පක්ෂනායක තීරණ කතානායක ජනපතිට දන්වයි පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණ කතානායකවරයා ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පවසයි. 09 July 2022
රෑ බතත් ජනපති මැදුරේ සැකසේ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අරගලකරුවන් ජනාධිපති මන්දිරයේ පිහිනුම් තටාකයේ පිහිනා ජල ක්‍රීඩා කිරීමෙන් අනතුරුව දැන් රෑ බත උයන්නට සූදානම් වන අයුරු අන්තර්ජලයේ ඡායාරූප හුවමාරු වෙයි. 09 July 2022
අගමැතිගෙන් ප්‍රකාශයක් මුළු රට ම ආවරණය කරමින් ඉන්ධන බෙදා හැරීම මේ සතියේදී යළි ආරම්භ කිරීමට නියමිත අතර ලෝක ආහාර වැඩසටහන් අධ්යක්ෂවරයා ද මේ සතියේ දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි ද එම කටයුතු බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාම සඳහා සර්ව පාක්ෂික රජයකට බලය දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 09 July 2022
අරගලයෙන් තුවාල ලැබූ 55ක් රෝහලට විරෝධතාව සඳහා කොළඹට පැමිණ සිටියදී විවිධ අනතුරුවලට ලක්වූ පුද්ගලයන් 55 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචිමාර්ග කියයි. 09 July 2022
ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය දෙන්න සූදානම් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබාදීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි. 09 July 2022
ශ්‍රීලනිපයේ මතය මෛත්‍රී කියයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වහා සිය තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 09 July 2022
ජනපති - අගමැති ඉල්ලා අස්විය යුතුයි ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා වහා ඉල්ලා අස් විය යුතු බවට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. 09 July 2022
අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටවනු ජනපති අගමැති-අගමැති ඉවත්වීමෙන් පසුව ජනතා අරගලයේ අපේක්ෂාවලට අනුව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටවිය යුතු බව අරගලකරුවෝ ජනාධිපති මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේ දී පැවැසූහ. 09 July 2022
මෙරට අරගලය ජාත්‍යාන්තර මාධ්‍ය ඇසින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දැවැන්ත විරෝධතාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය දැඩි අවධානයක් යොමු කළේය. ලෝකයේ සෑම රටකම පාහේ ප්‍රධාන මාධ්‍ය ආයතන ඒ අතර විය. 09 July 2022
පොහොට්ටුවේ පිරිසක් තනතුරින් යන්නැයි ජනපතිට කියයි රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන වහාම ජනපති ධුරයෙන් ඉවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති වරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කරති. 09 July 2022
පක්ෂ නායක රැස්විමට සමගි බල වේගය නෑ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා ඇති එම පක්ෂ නායක රැස්වීමට සමගි ජන බලවේගය සහභාගි නොවන බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. 09 July 2022
ජනපති නිල නිවස අරගලකරුවන්ගේ සැණකෙළි භූමියක් වෙයි කොළඹ ජනාධිපති නිල නිවසට ඇතුළු වූ අරගලකරුවන් එහි නාන තටාකයට බැස දිය කෙළින අයුරු ද නිල නිවසේ වහලයට නැඟ සැරිසරන අයුරු ද දැකගත හැකිය. 09 July 2022
රාජිතටත් ප්‍රහාරයක් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අරගලකරුවන් ගේ ප්‍රහාරයකට ලක් වී ඇතැයි වාර්තා වෙයි. 09 July 2022
ප්‍රභූන් පිරිසක් නැව් දෙකකට නඟිති ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සිදුරළ සහ ගජබා නෞකා දෙකෙන් ප්‍රභූ පිරිසක් කොළඹ වරායෙන් පිටත් ව යන අයුරු සමාජමාධ්‍යවල වීඩියෝවක් සංසරණය වෙයි. 09 July 2022
සජිත් රෝහල්ගත කරයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සාමාන්‍ය රෝගී තත්වයක් නිසා රෝහල් ගත කර ඇතැයි සජබ ආරංචි මාර්ග සඳහන් කරයි. 09 July 2022
අලුත උපන් දරුවන් රැගෙන යන්න පොලිසියේ උපකාරය අලුත උපන් නිවුන් දරුවාන් දෙදෙනකු සමඟ මහා මඟ සිටි මවක පියකු කලවාන පොලිසිය මැදිහත්වීම මත පෞද්ගලික ලොරි රථයක සිය නිවස කරා යැවීමට කටයුතු කරනු ලැබුණි. 09 July 2022
ජනාධිපති ලේකම් කාර්යාලයටත් පිරිස ඇතුළු වෙයි ගාලු මෝදර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයට මීට සුළු මොහොතකට පෙර අරගලකරුවන් ඇතුළු වී ඇත.. 09 July 2022
අගමැති පක්ෂ නායක රැස්වීමක් කැඳවයි පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර කඩිනම් විසඳුමකට පැමිණීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. 09 July 2022
අරගලකරුවන් 31ක් රෝහලට අරගලයට ලක්ව සිටියදී විවිධ අනතුරුවලට ලක්ව තුවාල ලැබූ පුද්ගලයන් 31 කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි. 09 July 2022
අරගලකරුවෝ ජනාධිපති මන්දිරයට ඇතුළු වෙති චැතැම් වීදිය ඔස්සේ ජනාධිපති මන්දිරය දක්වා ගමන් ගත් පිරිස මේ අවස්ථාවේ ජනාධිපති මන්දිරයට ඇතුළුව ඇත. 09 July 2022
ආරක්ෂක අංශ සාමාජිකයෝ දෙකක් අරගලයට එක් වෙති කොටුව බැංකු ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකා භටයකු මීට සුළු මොහොතකට පෙර අරගලකරුවන් සමග එක් වී ඇතැයි වාර්තා වෙයි. 09 July 2022
ගාලු මුවදොර තුවාල ලැබූ 14ක් රෝහලට කොළඹ ගාලු මෝදර ආශ්රිත පැවැත්වෙන විරෝධතාවලට සහභාගීවූ පුද්ගලයන් 12 දෙනකු ඇතුළු 14 දෙනකු තුවාල ලබා මේ වන විට කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්රකාශිකාවක් පැවසුවාය. 09 July 2022
පොහොර නැව එයි ඉන්දීය රජය විසින් දුන් යූරියා පොහොර නැව අද පෙරවරු 11.00ට කොළඹ වරායට ළඟා විය 09 July 2022
ජනඅරගලයට සහාය දක්වා රටපුර විරෝධතා පවතින ආණ්ඩුවට කොළඹ කොටුවේ පැවැත්වෙන ජන අරගලයට සහය දකවමින් රටපුරා විවිධ නගරවල විරෝ්ධතා පැවැත්වේ. 09 July 2022
ගාලු කොටු පවුර මත දැවන්ත විරෝධයක් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර අරගලකරුවන් විශාල පිරිසක් ගාලු කොටුව මත දැවන්ත විරෝධතාවක නිතරව සිටිති. 09 July 2022
විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ඉවත් වන ලෙස බලකරමින් දැන් පැවැත්වෙන විරෝධතාවයට කොළඹ චැතැම් වීදියේදී පොලිසිය කඳුළු ගෑස්සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය. 09 July 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026