ශාන්ත චන්ද්‍රසිරි
නුවරඑළිය- තලවකැලේ මාර්ගයේ නානුඔය,රදැල්ල කෙටි මාර්ග කොටස තාවකාලිකව අද (21) සිට වසා දැමීමට පියවර ගෙන ඇති බව නානුඔය පොලීසිය පවසයි.
මෙම මාර්ග කොටසේදී බස් රථයක්, වෑන් රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී ඊයේ (20) රාත්‍රීයේ සිදු වු මාරක රිය අනතුරින් පසුව පොලීසිය මෙම පියවර ගෙන තිබේ.
මෙම මාර්ගය වෙනුවට විකල්ප මාර්ගය ලෙස ඩෙස්ෆෝට් හරහා රවුම් මාර්ගය භාවිතා කරන ලෙස රථ වාහන රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටී.
මෙම අනතුරින් එකම පවුලේ සාමාජිකයන් පස් දෙනකු හා තවත් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව පාසල් සිසුන් ඇතුළු පුද්ගලයන් 52 කු පමණ තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
156
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
777
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
378
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රදැල්ල කෙටි මාර්ගය වහයි
Dewa Saturday, 21 January 2023 04:47 PM
මේවා තමයි නියම විගඩම්. තාවකාලිකව වහලා ඩ්‍රයිවර්ලට අමතක වුණාටම පාර අරිනවා. ඊට පස්සේ කට්ටියම රේස් යනවා. වගකියන අය මේ නාඩගම් කරලා ඇඟ බේර ගන්නවා. අනේ පව් අර මියගිය මිනිස්සු.
Sisira Saturday, 21 January 2023 07:53 PM
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහනවා.
pakeer Saturday, 21 January 2023 10:17 PM
අතීසාරයට අමුඩය ගැසූ වගයි.
Perera Sunday, 22 January 2023 01:01 AM
ඕකනම් ප්‍රශ්නෙට විසඳුම එහෙනම් ඉතින් අනතුරක් වෙන වෙන ගානේ ඒ හැම පාරක්ම ඔහොම වහලා දාන්න.