(අංජුල මහික වීරරත්න)

සියවන නිදහස් සැමරුම (2048)  වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාව ඇතුළු තරුණ, තරුණියන්ගේ උපරිම දායකත්වය ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ සංවර්ධන ක්‍රියාදාමයේ දී විශ්වවිද්‍යාල ප්‍රජාවගේ දායකත්වය ඉතා වැදගත් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ 75 වන නිදහස් සැමරුමට සමගාමීව “ජාතික යොවුන් වේදිකාව" ගොඩනැඟීම පිළිබඳ  ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.