(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සිය වගකීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) චෝදනා කළේය.
පාරිභෝගිකයන් බලගැන්වීම, වෙළෙදාම විධිමත් කිරීම සහ පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීම ප්‍රධාන වගකීම වුවද මෙම දැක්මට අනුව එම අධිකාරිය කටයුතු නොකරන බව කෝප් කමිටුව පවසයි.
මේ අනුව පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට කටයුතු කළ හැක්කේ කෙසේ දැයි සති දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට නිර්දේශ කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කාර්යසාධනය විමසීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (19) රැස්විය.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
781
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
380
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පාරිභෝගික අධිකාරිය වගකීම් පැහැර හැරලා
චමින්ද Saturday, 21 January 2023 04:33 AM
වර්තමානයේ ඔය අධිකාරිය නමින් තිබුනට ඉස්සර ඕක තිබුනෙ කිරුම් මිණුම් හා මිල පාලන දෙපාර්තමේන්තුව කියලා තමයි ඒ කාලයේ දිස්ත්‍රික් මට්ටමෙන් කාර්‍යාල තිබුනෙ දිසාපති කාර්‍යාලයේ ශාඛා කාර්‍යාලයක් ලෙසට දිසාපති කාර්‍යාල පරිශ්‍රය තුලම තමයි .එම කාර්‍යාලයට පරිපාලන සේවයේ නිළධාරියෙක් සහකාර පාලක ලෙසට සිටියත් ප්‍රශ්නයකදී අවසන් තීරණය දිසාපතිතුමන්ලා තමයි කලේ. ඒක ඉතාමත් සාර්ථක ක්‍රමයක් වුනා දැන් අධිකාරියක් නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ ඒ කාලයේ පාරිභෝගිකයනුත් රැකුනා වෙළෙන්දත් ආරක්ෂා වුනා දිසාපති ක්‍රමය නැතිකර පළාත් සභා ඇතිවීමෙන් රටට ඇවඩක්ම තමයි සිදුවුණේ.
සත්‍යා Saturday, 21 January 2023 09:05 AM
චෝදනා කරනව, වාර්තා ඉදිරිපත් කරනව, තරයේ අවවාද කරනව.... ඒ තමයි කෝප් එකේ ස්කෝප්එක.