IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


’’පාරට එන්නත් බෑ කතිරෙ ගහන්නත් බෑ’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජනතාවට තමාගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීමට පාරට බහින්න ඉඩ දෙන්නේ නැති ආණ්ඩුව ඔවුනට තමන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීම සඳහා   කතිරය ගැසීමටත් අද ඉඩ නොදෙන  බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.

රනිල් වික්‍රමසිංහ ගහන සියලු දහම්ගැට පරාජයට පත් කරන බවද ඔහු කීවේය.

දිසානායක මහතා මෙසේ පැවසුවේ මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ  විවාදයේදීය.

ගේම් වලින් බලයට ඉන්න උත්සාහ දරන අගමැතිවරයා ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම ඉතිහාසයේ  කුණු කූඩයට වැටෙන බවත් ජනතාවට එරෙහිව ගේම් ගැහුවොත් ජනතාවත් අනිවාර්යෙන්ම ගේම් එකක්  දෙන්නේ යැයි ස්ථිර බවත්  ඔහු පැවසුවේය.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙන අවස්ථාවක ඒකට අවහිර වෙන්න අලුත් නීති  සම්මත කරනවා. ගෝඨාභය රාජපක්ෂට ව්‍යවස්ථාවේ බලතල ජනවරමකින් ලැබිලා තිබුණා.  නමුත් ජනතාවගේ විශාල නැගිටීම් හරහා ඒ සියල්ල සුනුවිසුනු වී ගියා. මන්ත්‍රීවරුන්ට පඩි වැඩි කරන්න බැරිනම් සියයට  50 කින් අඩු කරන්න. අපි ඒකට එකඟයි. හරි අඩකින් බැරිනම් සියයට 75කින් අඩු කරන්න. අපි ඒකටත් එකඟයි.



අදහස් (9)

’’පාරට එන්නත් බෑ කතිරෙ ගහන්නත් බෑ’’

ANURA ROME Thursday, 19 January 2023 02:15 PM

මේ කාලකන්නි අපතයින් එක්ක පාරට බැස්ස හැටි කවුරුත් දැක්කානේ .මේ අපත ජෙප්පෝ මෙලොවින් අතුගෑවිලා ගිය දවසට ලංකාව ගොඩ දාවි

:       82       25

sharm warnThursday, 19 January 2023 04:39 PM

අනේ බයියෝ ,අඩු ගානේ පාර්ලිමේන්තුවේම ඉන්නෙත් 3 දෙනයි .අතු ගාලා දාන්න තරම් ගොඩක් ඉන්නේ පොහොට්ටුවෙයි සජබෙයි කියලා වත් නොපෙනෙන තරමට පොට්ටයි .තව ලංකාව ගොඩ දාන්න කතාව .කවුරු ගොඩ දාවි කියලද කියන්න හදන්නේ ?ඔක්කොටම කලින් ඔය මානසික කමින් මිදෙන්න

:       3       0

BamunuarachchiSunday, 22 January 2023 12:10 PM

මේ නියම ජෙප්පෙක්. ඇත්ත මේ 3 දෙනයි පාර්ලිමේන්තුවේ ඉන්නේ... හැබැයි කතාව රට කේතුමතී පුරයක් කරන්න. කවදා වෙන කොට කරාවිද? පරම්පරා හතකින්වත් මොවුන්ට බලයට එන්න බැහැ. එක ෂුවර්...

:       0       1

fairoosThursday, 19 January 2023 04:57 PM

මේ වගේ වහල්ලු ඉන්නකන් රටට අබ සරණයි...!

:       0       0

BamunuarachchiSunday, 22 January 2023 12:12 PM

මෙන්න මේ හාදයව හරක් මරණ තැනකට දක්කන්න අපිට කනක් ඇහිලා ඉන්න...

:       0       1

siripalaThursday, 19 January 2023 04:58 PM

ජනතාව කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ම ඡන්දය ඉල්ලන එන්න එපා කියලා....

:       0       0

Sunil Thursday, 19 January 2023 02:22 PM

ජනතාවට කතිරෙ ගහන්න අවස්තාව ලැබුනොත් මෙ රජයෙ ඇමතිවරුන්ටයි මන්ත්‍රිවරුන්ටයි පාරට එන්න බැරි ලෙසම කතිරෙ ගසයි. දැනටමත් එගොල්ලන්ට පොලිස් ආරක්ශාව නැතිව පාරට එන්න බැහැ.

:       13       47

Chandra Thursday, 19 January 2023 09:43 PM

ඔව් , ඔව් හරියට අර උතුරේ යුද්දය තියෙද්දී දකුණේ යුද්දය පටන් ගත්තු විදියට , මේ දේශප්‍රේමීන් රට ගැන හරියට හිතල ඒ කාර්ය කළා වගේ , කප්පාදුවට ගේම් එක ගහන්න , මිනුස්සු බඩගින්නේ මැරුණට කමක් නැහැ , තියාගෙන ඉන්න ෆයිල් ටික ඉක්මනටම ජනතාවට කන්න දෙන්න .

:       0       2

ANURA ROME Friday, 20 January 2023 01:36 PM

කිසිම දෙයක් තේරුම් ගන්න බැරි මොළය උඩ වාඩි වෙලා ලියන මේ තකතීරුවා. කතා කරන්නෙ පාර්ලිමේන්තුවේ ඉන්න තුනක් ගැන. මම කියන්නේ රටේ ඉන්න සමස්ථයක් අපත ජෙප්පෝ ගැන නුඹත් සමග.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site