(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කෘතහස්ත සිනමාවේදනී සුමිත්‍රා පීරිස් මහත්මියගේ අභාවය වෙනුවෙන් මැති සබයේ ශෝකය පළකරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"සුමිත්‍ර පීරිස් මහත්මිය වියෝව පිළිබඳව රජය වෙනුවෙන් එතුමියට අප ශෝකය පළ කරනවා. ලෙස්ටර් ජේමිස් පීරිස් විශිෂ්ටතම සිනමාවේදියාගේ බිරිඳ වගේම සුමිත්‍රා පීරිස් මහත්මියගේ ස්වාධීන නිර්මාණ රාශියකට ජාත්‍යන්තර ගෞරවය ලබා තිබෙනවා. රටට ගෞරවය ලබා දී තිබෙනවා."යනුවෙන් ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද,ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද සුමිත්‍රා පීරිස් මහත්මිය වෙනුවෙන් ශෝකය පළ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ ඉන්න මහල්ලන් රෑන කවදාද නිවනට යන්නේ. පලමුව 80ට වැඩි අයගෙන් පටන්ගත්ත නම්...
ඒ මනුස්සයාට ඉන්න ගෙයක් දුන්නේ නැහැ .රටට කීර්තියක් අත් කරදෙන නිර්මාණ කීයක් කරපු අයද .අන්තිමේ කුලී ගෙදරක මැරෙනකල් ම ඉන්න උනා.ශෝකය පල කරන්න විතරයි දන්නේ
"සාගර ජලය මඳි හැඬුවා ඔබ සන්දා"