(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් සොයා සිය මාස 5ක් වයසැති දරුවා වඩාගෙන පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළ අසල සිඟමනේ යෙදී සිටි බව කියන 35 හැවිරිදි කාන්තාවක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය.
සැකකාරිය සන්තකයේ සිටී දරුවා ද මේ සමග පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තැනැත්තියකි.
මෙම සැකකාරිය දකුණු කොළඹ කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාහමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇය විවිධ වර්ගයේ මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වී සිටින තැනැත්තියක් බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර ඇතැයි ද පොලිසිය පොලීසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd