IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හැදුනුම්පතට ලිපිය දෙන්නේ පාසල් අයදුම්කරුවන්ට පමණයි

(යොහාන් භාසුර)

හැදුනුම්පත් සඳහා වර්තමානයේ ලැබෙන අයදුම්පත් ප්‍රමාණයට කාඩ් නිකුත් කිරීමට ප්‍රමාණවත් කාඩ් තොග ඇති බවත් එම ආනයනික කාඩ්පත් කළමණාකරණය කිරීමේ උපායමාර්ගය ලෙස පාසල් අයදුම්කරුවන්ට පමණක් ජාතික හැදුනුම්පත ‘තහවුරු කිරීමේ ලිපිය’ නිකුත් කළ බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පැවසීය.

වර්තමානයේ සාමාන්‍යයෙන් ජාතික හැදුනුම්පත් අයදුම්පත් ලක්‍ෂයක් පමණ ලැබෙන බවත් දෙපාර්තමේන්තුව සතුව කාඩ්පත් ලක්‍ෂ 5 කට අධික ප්‍රමාණය එම පිරිසට හැදුනුම්පත නිකුත් කිීමට ප්‍රමාණවත් බවත් ඒ මහතා කීය.  

වසරකට පාසල් අයදුම්කරුවන් ලක්‍ෂ 4 කට ආසන්න සංඛ්‍යාවක් ජාතික හැදුනුම්පත අයදුම් කරන බවත් ඒ අයදුම්පත්වල අඩුපාඩු තිබීම නිසා එම ජාතික හැදුම්පත්වලින් සියයට 10 ක් පමණ නැවත සකස් කිරීමට යොමු කරන බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

පාසල් අයදුම්කරුවන්ට පළමු අවස්ථාවේදීම කාඩ්පත් නිකුත් කළහොත් කාඩ්පත් අපතේ යෑමක් වන නිසා පාසල් දරුවන්ට නිකුත් කරන තහවුරු කිරීමේ ලිපිය ජාතික හැදුනුම්පතට සමාන ඡායාරූපය ඇතුළු සෙසු සියලුම තොරතුරු ඇතුළත් වන බව කී ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා උසස් අධ්‍යාපන ආයතන, බැංකු ඇතුළු මූල්‍ය ආයතන, ආගමන විගමන සහ මෝටර් රථ ප්‍රවාහන යන දෙපාර්තමේන්තු ඇතුළු සියලුම ආයතනවලට ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති අතර එම සියලුම ආයතන පිළිගන්නා බව ද සඳහන් කළේය.  

වියදම් කළමනාකරණය කිරීම සඳහා පාසල් අයදුම්රකැරවන්ට 2018 සිට ‘තහවුරු කිරීමේ ලිපිය’ නිකුත් කිරීමේ උපක්‍රමය අනුගමන කරන බව කී ඒ මහතා පැවසුවේ 2004 වසරේ උපත ලැබූ දරුවන්ගේ හැදුනුම්පත මේ වන විට මුද්‍රණය කරලා අවසන් අතර 2005 වසරේ උපත ලැබූ දරුවන්ගෙන් කාඩ්පත් මුද්‍රණය කිරීම ආරම්භ කරන බවත්ය.  



අදහස් (4)

හැදුනුම්පතට ලිපිය දෙන්නේ පාසල් අයදුම්කරුවන්ට පමණයි

de silva Thursday, 19 January 2023 06:13 PM

මොන විකාරයක්ද? මෙවැනි කාඩ්පතක් ලංකාවේ කරගන්න බැරිද? කතා කරන්නේ නම් කාර් හදන්න.

:       0       17

sharm warn Friday, 20 January 2023 09:16 AM

මෙ කොන්ත්‍රාත් ඔක්කොම දෙන්නෙ ඉන්දියාවටයි චීනෙටයි.. එකෙන් තමයි කට්ටියගෙ කොමිස් ආදායම් මාර්ග පහදවා ගන්නෙ.. මෙලො යකෙකුට අල්ලන්න බැරි වෙන්නෙ එකයි. .

:       0       1

sanjeewa Friday, 20 January 2023 09:42 AM

හැදුනුම්පතක් කලට වෙලාවට මුද්‍රණය කරගන්න බැරිනම් විශාල මුදලක් ගෙවලා මෙම ආයතන සහ සේවක පිරිස් නඩත්තු කරන එක තේරුමක් තිබෙනවද.?

:       0       4

de silva Friday, 20 January 2023 06:11 PM

පිට රටින් ගෙනාව ජමනාරන්, ඇපල්, චොකලට් වැනි ඕනෑම දෙයක් අද වෙලඳපොලේ තියෙනවා. හැඳුනුම්පත මුද්‍රණය කරන්න අවශ්‍ය කාඩ් පත ගෙන්වන්න පමණද මුදල් නැත්තේ? මෙහෙම ගියොත් අර ගෝඨා එලෙව්වා වගේ මෙම ආයතන වටලා උසස් නිලධාරීන්ව එලවා දමන්නට ජනතාව පෙළඹෙන දිනය වැඩි ඈතක නොවේ. අපේ රට මෙහෙම විනාශ වුණ එකට දේශපාලකයන් පමණක් නොව මෙම නිලධාරීන්ද වග කියන්න ඕනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site