
(විමුක්ති එස් රුද්‍රිගු)
දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අතර හමුවක් ඊයේ (19) පැවැත්වින.
එහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්වි පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් සහ වෙළඳ සහ ආයෝජන අවස්ථා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.එසේම ඉන්දියාව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ලබා දෙන සහාය සම්බන්ධයෙන්ද අලි සබ්රි මහතා ජයිශංකර් මහතාට ස්තුතිවන්ත වී තිබේ.
මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහත්වරුන් ඇතුලු පිරිසක් සහභාගී වී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd