(උපුල් හේරත්)

මිහින්තලේ ප්‍රදේශයේ හෝටලයක් පිටු පස වළ දමා තිබු බව කියන , විදේශීය නිෂ්පාදිත අත්බෝම්බයක් සොයා ගැනීමට විශේෂ කාර්ය බළකාය සමත් විය.

එම වෙළෙඳසල හිමි ඉඩමේ හිමිකරු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගෙන , මිහින්තලේ පොලීසියට වැඩිදුර විමර්ශනය සඳහා භාර දී ඇත.

එස්.එෆ්.ජී 87 දරන වර්ගයට අයත් අංකය අපැහැදිලි එම අත් බෝම්බය විශේෂ කාර්ය බලකායේ උතුරු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුව සොයාගෙන ඇත.