
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාව වෙනුවෙන් මූල්‍ය සහතික ලබා දෙමින් මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට නිල වශයෙන් සහයෝගය ලබා දුන් ප්‍රථම රට බවට ඉන්දියාව පත් වූ බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අද (20) උදෑසන පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසුවේය.
දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අද (20) උදෑසන ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී විය.
මෙරට ණය හිමියන් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කළ යුතු බව ඉන්දියාවේ මතය බවත් අනෙක් ණය හිමියන් ක්‍රියාමාර්ග ගන්නා තෙක් බලා නොසිටි මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ගතහැකි සුදුසුම ක්‍රියාමාර්ගය ඉන්දියාව ගත් බවත් ආචාර්ය ජයිශංකර් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.ඒ අනුව ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට මාර්ගය පාදමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මූල්‍ය සහතික ලබා දුන් බව ජයිශංකර් මහතා පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුලුවන්නම් තව නය අරගෙන රනිල් රාජපක්ශලගෙ ගිනුම්..වලට බැරකරන්න ..
ඉන්දියාවයි චීනයයි කා කොටා ගන්නේ නැතිනම් මේ ආසියාවම උඩට ගන්න පුළුවනි ලංකාවට ඒ දේට මැදිහත් වෙන්න බැරිද. වසර ගණනාවක් කා කොටා ගනිමිනි හිටපු සාජා, ඩුබායි, අබුඩාබි, අජමාන් ,...ඇතුළු අනිත් කොටස් එකතු කරලා මේ වනවිට උජාරුවට ඉන්න UAE හදන්න මුල් වුනේ හිටපු සිරිමාවෝ අගමැතිනිය .
ඉන්දියාව පළවෙනියා, හැබැයි ත්‍රිකුණාමලට අත ගහගෙන ඉවරයි. ඒක ජනතාවට පෙන්වන්නේ ත්‍රිකුණාමලය සංවර්ධනය කරනව කියලා. බලාගෙන ඉන්නකො ඉන්දියාවේ සහෝදර ප්‍රේමය කෙහෙන්ද කෙළවර කරන්නේ කියලා.
අපේ ශ්‍රී ලංකන් ණය කපා හරිනවද?
අනෙක් ණය හිමියන් ක්‍රියාමාර්ග ගන්නා තෙක් බලා නොසිටි මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ගතහැකි සුදුසුම ක්‍රියාමාර්ගය ඉන්දියාව මූල්‍ය අධර ලබාදුන් නිසා ඉන්දන සහ රෝහල් සදහා වෛද්‍ය උපකරණ ලබාගැනීමට හැකිවිණි. පක්ෂ දේශපාලනය කුමක් උවද, දෙරටේ නායකයන් අතර සමීප සම්බන්ද තත්වයක් පත්වාගෙන යාම සිදුවිය යුතුවේ. මේවනවිට ඉන්දියාව ගෝලීය ආර්ථිකයේ 4වන සක්තිමත් ආර්ථිකය බවට පත්වෙමින් තිබේ.
මොන බොරුද ? සිරිමාවො හැදුව UAE එකක් නැහැ. මේරටේ ජනවාර්ගික ගින්නට පැට්‍රෝල් දැම්මේ සිරිමාවොග ස්වාමිපුරුෂයා. හාල් පොලු මිරිස් පොලු තමා සිරිමාවෝ දැම්මේ. සිරිමාවෝ පිස්සු නැටුවේ නැති නම් JRට මෙච්චර බලයක් ලැබෙන්නේ නැහැ. ඉතුරු ටික කෑවේ චන්ද්‍රිකා.