(අංජුල මහික වීරරත්න)
වී වගාව සඳහා අත්‍යාවශ්‍ය රසායනික පොහොර විශේෂයක් වන මඬ පොහොර හෙවත් Triple Super Phosphate (TSP) පොහොර එළැඹෙන යල කන්නයේ දී දිවයිනේ සියලුම ගොවීන්ට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මහ කන්නයේ දී මඬ පොහොර ලබා දීමට තීරණය කර තිබුනත් ඒවා මිල දී ගැනීමට නොහැකි විය. එයට හේතුව නම් රුසියාව හා යුක්රේනය අතර ගැටුම නිසා යුක්රේනය විසින් එම පොහොර අපනයනය අත්හිටුවා තිබීමයි. කෙසේ වුවද මේ වනවිට මඬ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් සහිත නැව ලබන මස පළමු සති දෙක ඇතුලත මෙරටට ලඟාවීමට නියමිත අතර යල කන්නයේ වී වගාවට අවශ්‍ය සම්පූර්ණ මඬ පොහොර ප්‍රමාණයම නොමිලයේ ගොවීන්ට ලබා දෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනයනය කරපු පොහොර නොමිලේ දෙන්නෙ කොහොමද? මෙ වගෙ ගොන් පාට් දාලා තියෙන තුට්ටු දෙකටත් කෙලවන්න යන්නෙ... යල පොහොර ටික පෙන්නල චන්දෙ ගන්න ගහන තව ගැටයක්. .
දෙනවනම් දිගටම නිකන් දෙන්න ඕනි. මේවා ඡන්ද ගන්න ජනතාව ගොනාට ඇන්දවීමක්. මෙහෙ රටක් කවදාවත් ගොඩ ගන්න බෑ. ගොවියන්ට ටැක්ස් අයින් කරන්න, සමෘදි අයින් කරන්න. එතකොට රට නිකම්ම ආහාර වලින් පොහොසත් වෙනවා. එදත් කළේ ජනතාව ගොනාට ඇන්දවීම. අද කරන්නේ බඩු මිල 400% ක් 500% ක් වැඩි කරලා ජනතාවගේ මුදල් මංකොල්ලා කාලා නැවත ජනතාවටම දෙනව ගොනාට අන්දවලා. මේවට තමයි නීතියක් තියෙන්නේ? කෝ නීතිය දන්න අය?
හෙට මම නුඹලට සිරි සැප දෙනවා, අද රෑ ලුණු මිරිසෙන් ගතවෙනවා.
පොහොර ගෙ දොරකඩට ගෙනාවත් ඡන්දෙ නම් දෙන්නේ නෑ