IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


යල කන්නයේ සිට මඩ පොහොර නොමිලේ

(අංජුල මහික වීරරත්න)

වී වගාව සඳහා අත්‍යාවශ්‍ය රසායනික පොහොර විශේෂයක් වන මඬ පොහොර හෙවත් Triple Super Phosphate (TSP) පොහොර  එළැඹෙන යල කන්නයේ දී දිවයිනේ සියලුම ගොවීන්ට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මහ කන්නයේ දී මඬ පොහොර ලබා දීමට තීරණය කර තිබුනත් ඒවා මිල දී ගැනීමට නොහැකි විය. එයට හේතුව නම් රුසියාව හා යුක්රේනය අතර ගැටුම නිසා යුක්රේනය විසින් එම පොහොර අපනයනය අත්හිටුවා තිබීමයි. කෙසේ වුවද මේ වනවිට මඬ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් සහිත නැව ලබන මස පළමු සති දෙක ඇතුලත මෙරටට ලඟාවීමට නියමිත අතර යල කන්නයේ වී වගාවට අවශ්‍ය සම්පූර්ණ මඬ පොහොර ප්‍රමාණයම නොමිලයේ ගොවීන්ට ලබා දෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.



අදහස් (4)

යල කන්නයේ සිට මඩ පොහොර නොමිලේ

sharm warn Friday, 20 January 2023 11:02 AM

ආනයනය කරපු පොහොර නොමිලේ දෙන්නෙ කොහොමද? මෙ වගෙ ගොන් පාට් දාලා තියෙන තුට්ටු දෙකටත් කෙලවන්න යන්නෙ... යල පොහොර ටික පෙන්නල චන්දෙ ගන්න ගහන තව ගැටයක්. .

:       5       5

Srland Friday, 20 January 2023 01:12 PM

දෙනවනම් දිගටම නිකන් දෙන්න ඕනි. මේවා ඡන්ද ගන්න ජනතාව ගොනාට ඇන්දවීමක්. මෙහෙ රටක් කවදාවත් ගොඩ ගන්න බෑ. ගොවියන්ට ටැක්ස් අයින් කරන්න, සමෘදි අයින් කරන්න. එතකොට රට නිකම්ම ආහාර වලින් පොහොසත් වෙනවා. එදත් කළේ ජනතාව ගොනාට ඇන්දවීම. අද කරන්නේ බඩු මිල 400% ක් 500% ක් වැඩි කරලා ජනතාවගේ මුදල් මංකොල්ලා කාලා නැවත ජනතාවටම දෙනව ගොනාට අන්දවලා. මේවට තමයි නීතියක් තියෙන්නේ? කෝ නීතිය දන්න අය?

:       0       0

Sunil Friday, 20 January 2023 02:18 PM

හෙට මම නුඹලට සිරි සැප දෙනවා, අද රෑ ලුණු මිරිසෙන් ගතවෙනවා.

:       0       0

නිහාල් Friday, 20 January 2023 03:19 PM

පොහොර ගෙ දොරකඩට ගෙනාවත් ඡන්දෙ නම් දෙන්නේ නෑ

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site