(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා රැසක් පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.
මේ සම්බන්ධයෙන් කමිටුව විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් කරුණු විමසීය.
කාර්යාංශය දැනට ක්‍රියාත්මක කරගෙන යන පුහුණු වැඩසටහන් අදාළ රාජ්‍ය ආයතනවලට ක්‍රමක්‍රමයෙන් බාරදීමට කටයුතු කරන්නැයිද කෝප් කමිටුව නිර්දේශ කළේය.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය. මෙම කරුණු සාකච්ඡා කෙරුණේ එම රැස්වීමේදීය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේඅධ්‍යක්ෂක මණ්ඩලයට විදේශ රැකියා නියෝජිතයන් දෙදෙනකු පත් කරන්නේ කවර හේතු නිසාදැයි කමිටුව අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් මෙහිදී කරුණු විමසුවේය.
විදේශ රැකියා නියෝජිතයන් පත් කිරීමෙන් ළැදියාවන්ගේ ඝට්ඨනයක් ඇතිවෙන බව කෝප් කමිටුව සඳහන් කළේය.
කාර්යංශයේ සුබසාධන ගිණුම සම්බන්ධයෙන් වෙනම මූල්‍ය ප්‍රකාශනයක් හා ගිණුම් කට්ටලයක් පවත්වාගෙන යායුතු බව විගණකාධිපතිවරයා මෙහිදී පැවසීය.
කුවේට් අරමුදල ඵලදායී ලෙස ලබා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණ. ඒ පිළිබද සවිස්තර සටහනක් ලබාදීමටද අමාත්‍යාංශ ලේකම්වරයා එකඟ විය.
කාර්යාංශයේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සම්බන්ධ කරගනිමින් පරීක්ෂණ මණ්ඩලයක් පත්කිරීමට කළ නිර්දේශය නැවතත් සාකච්ඡාවට ගැනිණ.
විදේශ දූත මණ්ඩලවලට නිලධාරීන් පත්කිරීමේ ක්‍රමවේදය පිළිබඳව තම නිර්දේශ කඩිනමින් ඉදිරිපත් කරන බව අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දුන්නේය.
මේ සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, ජානක වක්කුඹුර, ලොහාන් රත්වත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අනුර කුමාර දිසානායක, මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර, ඉරාන් වික්‍රමරත්න, නිමල් ලාන්සා, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, මේජර් සුදර්ශන දෙනිපිටිය, නීතිඥ ප්‍රේම්නාත් සී දොලවත්ත, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, රාජිකා වික්‍රමසිංහ සහ නීතිඥ මධුර විතානගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගිවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබෑට ? අහන්නත් පුදුමයි.
මේ රජය බලයට පත්වුණත් හරි මහා පරිමාණ දූෂණ නොමැති රාජ්‍ය ආයතන කිසිවක් නැති තරම්. දූෂණත් සුලු පටු ඒවා නම් නොවේ.
දූෂණ, වංචා නැති රාජ්‍ය ආයතන ලංකාවේ තිබේද?