(යොහාන් භාසුර)

නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව මාරවිල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රැකියා නියෝජිතායතනය වටලා අත්අඩංගුවට ගත් එහි හිමිකරු ඇතුඵ සැකකරුවන් දෙදෙනා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහැරී බවත් වැඩිදුර නඩු විභාගය ලබන ජූනි මස 21 වැනිදා කැඳවීමට නියමිත බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.  

රුමේනියා රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසමින් මෙම ආයතනය දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් මුදල් අයකර ඇති බවත් එම නියෝජිතායතනයක් වටලා එහි හිමිකරු ඇතුළු තවත් පුද්ගලයෙක්  විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බවත් එම කාර්යංශය පවසයි.

වැටලීම් කරන අවස්ථාවේදී එම ආයතනය තුළ තිබී විදේශ ගමන් බලපත්‍ර 38 ක්, රුපියල් 30,000 ක මුදලක් ඇතුළු ලේඛන රැසක් භාරයට ගත් බව ද එම කාර්යංශය වැඩි දුරටත් සඳහන් කළේය.