(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වී ඇති බලපෑම් ඇතුලු සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ වීරවර්ධන කමිටු වාර්තාව අධ්‍යනය කර ඒ පිළිබඳ තම ස්ථාවරය ක්‍රීඩා අමාත්‍යවරයාට දැනුම් දෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (20) දැනුම් දුන්නේය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා මෙම දැනුම් දීම සිදුකළේ අදාල කමිටු වාර්තාව පදනම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අහෝසි කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහත්වරුන් විසින් ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.