(රංජන් කස්තුරි)
මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජික් සියඹලාපිටිය මහතා පැවසීය.
මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් අලවා තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා තමාවෙත මූලික වාර්තාවක් ලබාදුන් බවද රාජ්‍ය ඇමතිවරයා කීය.
එම මත්පැන් බෝතල්වල අලවා තිබුණු සමහර ස්ටිකර් සම්බන්ධයෙන් පැහැදිලි තාවයක් තිබෙන හෙයින් ස්ටිකර්වල ඩිජිටල් ඉන්ඩිකේෂන් එක හරියාකාරව සිදුවෙනවාද යන්න පිළිබඳව අදාළ විදේශීය ආයතනයෙන් සතියක් තුළ පරීක්ෂණ වාර්ථාවක් ලබාගැනීමට බලාපොරොත්තුවන බවද ඔහු පැවසීය.
ස්ටිකර් ක්‍රමය හරියාකාරව ක්‍රියාත්මක වෙනවාද යන්නත් ආදායම් බදු නිසිපරිදි ලැබෙනවාද යන්නත් පිළිබඳව සොයාබැලීමට සුරාබදු දෙපාර්තුමේන්තුවේ පරීක්ෂණ කණ්ඩායමක් යොදවන බවද රංජිත් සියඹලාපිටිය මහතා කීය.
2025 ඔක්තෝබර් මස 08
1870
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1507
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මත්වතුර බෝතල්වල හොර ස්ටිකර් ඇලවීමේ ගැන පරීක්ෂණයක්