විසි දහසක අල්ලසක් ගත් තාක්ෂණ නිලධාරියා රිමාන්ඩ් ධාන්‍ය ගබඩාවක් පවත්වා ගෙන යාමට අවශ්‍ය පරිසර බලපත්‍ර ලබාදීම සඳහා රුපියල් 20,000 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගත්තේ යැයි කියන හොරව්පතාන ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරිවරයා ලබන 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පී. ජේ. ප්රභාකරන් මහතා අද (19) නියෝග කළේය. 19 December 2022
ඉංගිරි ඝාතනයේ ගැන තොරතුරු එළියට දෙඅත් පිටුපසට කර හා කට ගැට ගසා ඝාතනය කර ඉංගිරියෙ රත්නපුර මාර්ගයේ නම්බපාන කැටකැරැල්ල පාලම ආසන්නයේ බෑවුමකට වන්නට කැලෑ ප්‍රදේශයක දමා ගොස් ඇත්තේ මිනුවන්ගොඩ පදිංචි අශෝක බණ්ඩාර නමැත්තකු බවට ඔහුගේ ඥාතීන් විසින් හඳුනා ගෙන ඇත. 19 December 2022
පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව තවත් දින 3ක් පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව හෙට (20) සිට මේ මස 22 වැනිදා දක්වා දින තුනක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (19) පස්වරුවේ පැවසීය. 19 December 2022
නව නාවික හමුදාපති ජනපති හමු වෙයි නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු විය. 19 December 2022
මෙල්බර්න් සරසවි ඉතිහාසය අලුත් කළ ලක් නිවුන්නූ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ වසර 168 ඉතිහාසය තුළ ප්‍රථම වතාවට නිවුන් සොහොයුරියන් දෙදෙනෙක් එකම අවස්ථාවකදී ආචාර්ය උපධිය ලබා ගෙන ඇත.මෙම සොහොයුරියන් දෙදෙනා ශ්‍රී ලාංකික තරුණියන් වන අතර ඔවුන් නමින් නදීශා ගුණරත්න සහ තේජානි ගුණරත්න නම් වේ. 19 December 2022
හැරමිටි දේශපාලකයන්ට ජනතාව කැමති නෑ ජනතාවගේ කැමැත්ත දේශපාලනඥයන් වයස අවුරුදු 60න් විශ්‍රාමයාම නම් ඒ සඳහා ඉඩ ලැබෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ වරදක් නැතැයි නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 19 December 2022
කොටස් වෙළෙඳපළ විදේශ ආයෝජන වාර්තා තබයි කොළඹ කොටස් වෙළෙඳ පොළේ විදේශ ශුද්ධ ආයෝජන ප්‍රමාණය වසර දහයකට පසු වාර්තා කළ ඉහළම අගය වාර්තා කිරීමට මෙම වසරේ සමත්ව ඇත. 19 December 2022
පිස්සු බල්ලො වතුරට බයයි: ආණ්ඩුව මැතිවරණවලට බයයි වතුරට බිය නිසා පිස්සු බල්ලෝ නාවන්න බැරි ආකාරයෙන්ම මැතිවරණ වලට බිය ආණ්ඩුව මැතිවරණ සඳහා රැගෙන යා නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 19 December 2022
හනා සමුගන්න පෙර ජනපති හමුවෙයි සේවා කාලය නිමා කර සිය රට බලා නික්ම යන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් (Hanaa Singer) මහත්මිය අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. 19 December 2022
ජනපති ලේකම් තරුණයන්ගේ හයිය බලන්න යයි රජයේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී තරුණ රාජ්‍ය නිලධාරීන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට සූදානම් බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පැවසීය. 19 December 2022
බඩගින්නට තිත තබන්න අලුත් අලුත් දෑ තනයි කෘෂි කාර්මික ක්ෂෙත්රයේ කටයුතු විධිමත් සහ වේගවත් කිරීම සඳහා ලාංකිකයන් කරන ලද නව නිර්මාණ රැසක් හඳුන්වාදීම කෘෂිකර්ම අමාත්‍යංශයේ දී සිදු කෙරිණි. 19 December 2022
තොරතුරු තාක්ෂණයෙන් 2021 වසරේ ඩොලර් කෝටි 150ක් තොරතුරු තාක්ෂණ කර්මාන්තය හරහා පසුගිය 2021 වසරේ දී ඇමරිකානු ඩොලර් කෝටි 150 ක විදේශ විනිමය උපයා ගැනීමට හැකි වී ඇතැයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. 19 December 2022
සරසවි භික්ෂූන් සහරාන් වගේ අද සරසවි වල ඉන්න ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා හරියට සහරාන්ලා වගේ කොන්ඩෙ රැවුල වවාගෙන ඒ අය පිළිපදින්නේ ශාස්තෘන් වහන්සේගේ ධර්මය නෙමෙයි, ලෙනින්ගේ න්‍යාය තලේබාන්ලා කරන වැඩ තමයි කරන්නේ මේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට අවුරුදු තුනෙන්, හතරෙන් විශ්ව විද්‍යාලයෙන් පිටවන විදියට නීති සම්පාදනය කළ යුතු යැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් පැවසූහ. 19 December 2022
ගුවන් හමුදාවට රන් සම්මානයක් රාජ්‍ය අංශයේ අන්තර් දෙපාර්තමේන්තු කණ්ඩයේ “ 2020 ජාතික ඵලදායිතා රන් සම්මානය” ශ්‍රි ලංකා ගුවන් හමුදාව හිමි විය. 19 December 2022
තායිලන්ත නාවික යාත්‍රාවක් අනතුරක තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් නෞකාවක් අනතුරට පත්වීමෙන් නාවික භටයෝ 33 දෙනෙක් අතුරුදන් වූහ. අතුරුදන් වුණු පිරිස සොයා මෙහෙයුම් ආරම්භ කළ බව නාවික හමුදාව පැවැසීය. 19 December 2022
ජනවරමක් නැති ආණ්ඩුවක ඇමතිකම් ගන්නේ නෑ ජනවරමක් නැති ආණ්ඩුවක කැබිනට් ඇමතිකමක් ලබාගැනීමේ බලාපොරොත්තුවක් තමාට නැතැයි 43වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 19 December 2022
අ‘පුර ගණිත පේපරේ කලින් පිටවෙලා අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල්වල දෙවන වාර පරික්ෂණය සදහා කලාප කාර්යාලයෙන් මුද්‍රණය කොට පාසල් සදහා නිකුත් කරනු ලැබු 10 වන ශ්‍රේණියේ ගණිතය ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සිසුන් අතට පත්විම නිසා එම විභාගය නොපවත්වා ලබන 22 වැනි දාට කල් දැමූ බව අනුරාධපුර අධ්‍යාපන කලාපයේ කලාප අධ්යක්ෂ මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය. 19 December 2022
රට වෙනුවෙන් රට යවන ලොක්කො 6කට මැතිසබේ අනුමැතිය තානාපතිවරු සිවුදෙනකු සහ නිත්‍ය නියෝජිතවරියන් දෙදෙනකු පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. 19 December 2022
ජනපති ඩී.එස් ලඟ බිම වාඩි වී කැරොල් ගී අසයි ජනාධිපති කාර්යාල පරිශ්‍රය අවට විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ සැණකෙළිය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය. 19 December 2022
අයිස් නිසා දරුවන්ගේ මොළයට වෙනදේ අයිස් මත්ද්‍රව්‍ය ගන්නා දරුවන්ගේ මනස සම්පූර්ණයෙන්ම විකෘති වන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවසීය. 19 December 2022
සනසන්න ආ ජනාධිපති පා පන්දු ලෝක කුසලාන අවසන් තරගයෙන්, වසර 36 කට පසු ආජන්ටිනාව ජයගනිද්දී, පරාජයට පත්වූයේ පසුගිය පා පන්දු ලෝක කුසලානය දිනූ ප්රංශයයි. ලැබූ පරාජය ප්‍රංශ පිළට දැඩි වේදනාවක් විය. 19 December 2022
දිස්ත්‍රික්ක දෙකක නාය යාමේ අවදානමක් පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක දෙකක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 19 December 2022
අරගල කළේ ’’අයිස් කාරයන්’’ අරගලයට සම්බන්ධ වුණේ අයිස් ගසා මත්වුණු පිරිසක් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 19 December 2022
ඉන්දියානු ව්‍යාජ ගමන් බලපත් සමඟ ලාංකික කතුන් 2ක් දැලේ ව්‍යාජ ඉන්දියානු ගමන් බලපත්‍ර දෙකක් ඉදිරිපත් කළ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ බලධාරීහු ප්‍රකාශ කළහ. 19 December 2022
වගා හානි වූ ගොවීන්ට අස්වැසිල්ලක් 2021-22 මහ කන්නයේ වගා හානි සඳහා රුපියල් මිලියන 657ක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ගොවීන්ට බෙදා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 19 December 2022
මෙසී පිටියට සමු නොදෙයි තමන් ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමු නොගන්නා බව ලයනල් මෙසී ඊයේ (18) පැවති ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසාන තරඟය ආර්ජන්ටිනාව ජයග්‍රහණය කිරීමෙන් පසුව පැවසුවේය. 19 December 2022
දුම්රිය දෙකක් කොට උඩ: මගීන් දැඩි අපහසුතාවට වෙරළබඩ දුම්රිය සහ ප්‍රධාන දුම්රිය මාර්ගවල දුම්රිය දෙකක් කාර්මික දෝෂයට ලක් වීමෙන් මේ වන විට එම මාර්ග දෙකේ දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිළධාරියෙකු පැවසීය. 19 December 2022
දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර ඒ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 19 December 2022
එතෙර යන ගෘහ සේවිකාව ‘ගෘහපාලන සහකාර’ වෙයි ශ්‍රී ලාංකික කාන්තාවන් ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගතකිරීම නතර කරන බවත් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහපාලන සහකාරවරියන් රැකියා සඳහා පිටත් කිරීමට පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යංශයේ නිලධාරියෙක් පැවසීය. 19 December 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026