
(විමුක්ති එස් රුද්‍රිගු)
චීනය ශ්‍රී ලංකාව සමඟ තිබෙන සමීප සහයෝගීත්වයට ඇඟිලි ගසනවාට වඩා ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අසීරුතා මඟ හරවා ගැනීම සඳහා හෘදයාංගමව යමක් කළ යුතු බව චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් මහහත්මිය ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත.
චීනය ශ්‍රී ලංකාවට ලබා දුන් ණය සහනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීමට ප්‍රමාණවත් නොවන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පිළිගත් නිර්දේශයන්ට අනුකූලව චීනය ශ්‍රී ලංකාවට මූල්‍ය සහතික ලබා දෙනු ඇතැයි ඇමෙරිකාව අපේක්ෂා කරන බවත් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය පසුගියදා සිදුකළ ශ්‍රී ලංකා සංචාරයේදී පැවති මාධ්‍ය හමුවේදී පවසා තිබේ.
නූලන්ඩ් මහත්මිය කළ ප්‍රකාශයෙන් සත්‍ය පිළිබිඹු නොවන බවත් චීනයේ එක්සිම් (අපනයන - ආනයන) බැංකුව මේ වන විටත් ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය සඳහා සහාය ලබා දෙන බව ලිඛිතව මේ වන විටත් ශ්‍රී ලංකාවට දන්වා ඇති බවත් මාඕ නින්ග් මහත්මිය ප්‍රකාශ කර ඇත.එම ලිපියට ධනාත්මකව පිළිතුරු සපයමින් ශ්‍රී ලංකාව චීනයට ස්තුති කර තිබෙන බවත් මාඕ නින්ග් මහත්මිය පෙන්වා දී තිබේ.
සැබෑ මිතුරකු ලෙසත් අසල්වැසියකු ලෙසත් ශ්‍රී ලංකාව මුහුණ දෙන අසීරුතා සහ අභියෝග පිළිබඳ අවධානයෙන් සිටිමින් චීනයට හැකි උපරිම ධාරිතාවයෙන් මෙරට ආර්ථික සහ සමාජයීය වර්ධනයන් සඳහා සහාය වන බව මාඕ නින්ග් මහත්මිය ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව චීනයට ගෙවීමට ඇති ණය සම්බන්ධයෙන් නිශ්චිත එකඟතාවයකට පැමිණීම සඳහා චීන මූල්‍ය ආයතනවලට චීන රජය උපරිම සහාය ලබා දෙන බව මාඕ නින්ග් මහත්මිය පවසා තිබේ.
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ධනාත්මක කාර්ය භාර්යයක් ඉටු කිරීම සඳහා අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ වැඩ කිරීමට සුදානම් බවත් ණය බර සැහැල්ලු කරමින් තිරසර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාවට චීනය සහාය වන බවත් නින්ග් මහත්මිය ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔක්කොම රජවරු ....!
මේ වෙනකන් ලැබුණු ඇමරිකානු සහයෝගය අපි තරයේ ප්‍රතික්ෂේප කරමු...!
අපේ ප්‍රාන්ත පාලනයට ඇඟිලි ගහන්න එපා... කියලා කිව්වා නම් වඩාත් නිවැරැදියි.
චීනය මේ ප්‍රශ්නෙදි පොලී මුදලාලි කෙනෙකු ලෙස හැසිරෙන්නේ නැතුව, ඉන්දියාව, ජපානය සහ අනෙකුත් අපේ මිතුරු රටවල් කටයුුතු කරන ආකාරයට කටයුතු කරනව නම් කවුරුවත් මොකුත් කියන්නේ නැහැ. ලංකාවේ පුරවැසියන්ගෙන් චීනෙට ද ඇමෙරිකාවට ද යන්න කැමති කියලා ප්‍රශ්නයක් ඇහුවොත් 85% ක් උථ්තර දෙන්නේ ඇමෙරිකාවට යන්න ඕනි කියලා.
අහගත්තා වත්ද ?
ඔය කි ගැනත් අපි දැන දන්නවා... ඔයාලා අපිව ලොකුවටම අගාධයට තල්ලු කළේ.. අපේ අපනයන විශාල වශයෙන් මිලදී ගන්නේ ඔයාලා නෙවෙයිනේ. ඔයාලා කරන්නේ අපිට ගිනි පොලියට ණය දීලා අපිව හූරගෙන කන එක නේද?
චීනගේ උදව්වෙන් දියුණු වුණ රටක් නම්කර වටිනා තෑග්ගක් දිනා ගන්න.
ඔබලා සහයෝගය දුන්නේ අපේ රටේ සාමාන්‍ය ජනතාවට රට දියනු කරන්න නොවේ. දූෂිත දේශපාලකයන්ට කොමිස් ගහන්න. හොරකම් කරන්න සහ රට විනාශ කරන්න. එම නිසා රටේ බහුතරයක් ඔබලාට වෛර කරනවා. රටේ බහුතරයක් ඔබලා මෙහේ එක එක ව්‍යාපාර කරනවට කැමති නැහැ.