IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නිදහසට යාපනයේ අධි ආරක්ෂිත අක්කර 80ක් නිදහස්

(ඉන්දිකා  රාමනායක)

75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව හමුදාව බාරයේ තිබු පලාලි අධි ආරක්ෂිත කලාපය තුල පිහිටි රාජ්‍ය නොවන ඉඩම් අක්කර 80.14 ක භූමි ප්‍රමාණයක ඉඩම් අද  (3)  එහි නීත්‍යා‍ණුකූල හිමිකරුවන් වෙත බෙදාදුන්  බව යුද හමුදාව පවසයි.

පලාලි උතුර ග්‍රාම නිලධාරී වසමේ ඉඩම් අක්කර 12.14 ක්, පලාලි අධිආරක්ෂිත කලාපයේ තෙලිප්පලෛ ග්‍රාම නිලධාරී වසමේ පර්චස් 0.72, කන්කසන්තුරේ මධ්‍යම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඩම් අක්කර 50.59ක් සහ මයිලඩි උතුර ග්‍රාම නිලධාරී වසමේ ඉඩම් අක්කර 16.55 ක ප්‍රමාණයකට අදාල නීත්‍යානුකූල ලිපිලේඛන අද යාපනය ප්‍රාදේශීය ලේකම්වරයා වෙත සංකේතාත්මතව ප්‍රදානය කළ බව  හමුදාව පවසයි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් මත යාපනය ආරක්ෂලක සේනා ආඥාපති මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ව්‍යාපෘතියට අදාල උත්සවයේදි යාපනය දිස්ත්‍රික් ලේකම් ඒග සිවබාලසුන්දරන් මහතා වෙත එම ලිපි ලේඛන යාපනය ආඥාපතිතුමා විසින් සංකේතාත්මකව භාරදෙනු ලැබීය.



අදහස් (2)

නිදහසට යාපනයේ අධි ආරක්ෂිත අක්කර 80ක් නිදහස්

podi mole Friday, 03 February 2023 10:03 PM

කොළඹ පාරවල් වහනවා. තහනම් ප්‍රෙද්ශ නම් කරනවා. රනිල්ට ජයවේවා.

:       4       6

jagath Saturday, 04 February 2023 02:55 PM

ඡන්දෙ ගන්න ඕන වැඩක් කරන නායකයින් අපිට ඉන්නේ. එක පාරක් විල්පත්තුව අමුඅමුවේ වික්කා. රනිල් රාජපක්ෂ පන්නමු.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 113 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site