ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණයේ ප්‍රතිඵල අනුව, එරට කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) සෙනෙට් මණ්ඩලයේ බහුතරය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ගිලිහිණි.

ඒ, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ සෙනෙට් සභික අපේක්ෂකයන්ට වැඩි වාසි හිමිවීමත් සමගය.

ටෙක්සාස්, දකුණු කැරොලයිනා සහ කැන්සාස් යන ජනපද ඩිමොක්‍රටික් පක්ෂය සතුවීමත් සමග මෙසේ සෙනෙට් සභාවේ බලය, ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන්ගෙන් ගිලිහුණු බව පැවැසෙයි.