(යොහාන් භාසුර)
නුගේගොඩ පිහිටි ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිවරයාට අද (3) පෙරවරුවේ සහ ඊයේ (2) පස්වරුවේ බලපෑම් කලේ යැයි කියන සේවකයන් කීපදෙනෙක් සම්බන්ධයෙන් ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වන වෛද්‍ය සවින්ද්‍ර ගමගේ මහතා අද පෙරවරුවේ නැවතත් කොහුවල පොලිසියට පැමිණිලි කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
අදාල පුද්ගලයන් සිය රාජකාරියට බාධා කරන බවත් ඔවුන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් සභාපතිවරයා කොහුවල පොලිසියට පැමිණිලි කර ප්‍රකාශයක් දුන් බව කී එම උසස් පොලිස් නිලධාරියා කොහුවල පොලිසියේ නිලධාරීන් ප්‍රවාහන වෛද්‍ය ආයතනයට ගොස් පරීක්‍ෂණ ආරම්භ කළ බව ද සඳහන් කළේය.
සේවකයන් පිරිසක් එම ආයතනයේ සභාපතිවරයාගේ රාජකාරියට බාධා කරන බවට මීට පෙර ද පැමිණිළි කීපයක් ලැබී ඇති බවත් ඔවුන්ව හදුනිගෙන නීතියානුකූලව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
294
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිට අදත් බාධා