IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බැද්දගාන තෙත්බිම් උයනටත් කිව්.ආර් කේතයක්

(අංජුල මහික වීරරත්න)

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති තෙත් බිම් උද්‍යාන නවීන තාක්ෂණය ඔස්සේ ප්‍රවර්ධනය කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම උද්‍යාන සංචාරක ආකර්ෂණීය කලාප ලෙස සංවර්ධනය කිරීම එහි අරමුණ වන අතර ඒ අනුව  බැද්දගාන තෙත් බිම් උද්‍යානය සඳහා නව QR කේතයක් හදුන්වා දීම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) සිදු කෙරිණ. 

වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදියි. පෙබරවාරී 02ට යෙදුනු ලෝක තෙත් බිම් දිනයට සමගාමීව මෙය ක්‍රියාත්මක කෙරිණි. 

ලෝක තෙත්බිම් දිනයට නාගරික සංවර්ධන අධිකාරියේ පරිසර හා භූ දර්ශන අංශය විසින් සංවිධානය කරන ලද වැඩසටහන් කිහිපයක් බැද්දගාන තෙත් බිම් උද්‍යානය සහ කෝට්ටේ, කොටුබැම්ම තෙත් බිම් උද්‍යානය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ සහ අද දිනය පුරා  පැවැත්විණි. 

කොළඹ අනුලා විද්‍යාලීය පරිසර නියමුවන් 80 කගේ සහභාගීත්වයෙන් පරිසර ප්‍රතිස්ථාපන වැඩසටහනක් සහ බස්නාහිර පළාතේ බාලදක්ෂිකාවන් 150 කගේ සහභාගීත්වයෙන් නිරීක්ෂණ හා අධ්‍යයන වැඩසටහනක්  සංවිධානය කර තිබු අතර ජාත්‍යන්තර ජල කළමණාකරණ ආයතනයේ සම්මානිත විද්‍යාඥ ආචාර්ය ප්‍රියානි අමරසිංහ මහත්මිය එහි ප්‍රධාන දේශනය සිදු කළාය. 



අදහස් (0)

බැද්දගාන තෙත්බිම් උයනටත් කිව්.ආර් කේතයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 294 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site