(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 8 වැනිදා පාර්ලිමේන්තුව විවෘත කරමින් ඉදිරිපත් කරන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලබන 9 වැනිදා බ්‍රහස්පතින්දා සහ 10 වැනිදා සිකුරාදා දෙදින පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (3) තීරණය කළේය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (3) පස්වරුවේ
රැස්විය.
මේ අතර සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ නියෝග සහ විවිධ රජයේ ව්‍යවස්ථාපිත ආයතනවල වාර්ෂික වාර්තාවලට අදාළව පසුගිය සභාවාරයේදී යථාපරිදි යොමුකර තිබූ යෝජනා 51 ක් අනුමැතිය සදහා 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද මෙම කාරක සභා රැස්වීමේදී තීරණය කර ඇත.
අනතුරුව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ප.ව 5.00 දක්වා පැවැත්වෙනු ඇත.
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය දෙවැනි දිනටත් ලබන 10 වැනිදා පෙ.ව 9.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් මහ ලේකම් නීතිඥ කුෂානී රෝහණදීර මහත්මිය පැවසුවාය.
මෙම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පාර්ශවයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් සහ පක්ෂ නායකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
294
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දෙදින විවාදයක්