(යොහාන් භාසුර)
ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට විරෝධය දක්වමින් කොළඹදී හෙට (4) පැවැත්වීමට නියමිත විරෝධතාවට සමගාමීව මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට අරගලකරුවන් පිරිසක් මේ වන විට සත්‍යග්‍රහයක නිරතව සිටිති.
කොහේ තියෙන නිදහසක්ද? යන තේමාව යටතේ එම පිරිස සත්‍යග්‍රහයේ නිරතව සිටිති.
එම පිරිස කොටුව දුම්රිය ස්ථානය අසළ විරෝධයක් පැවැත්වීමට සූදානම් වූ අවස්ථාවවේදී එය අත්හිටුවමින් අධිකරණ නියෝගයක් පනවා ඇති බව කොටුව පොලිසියේ නිලධාරීන් නිවේදනය කිරීමත් සමඟ ඔවුන් එම ස්ථානයෙන් ඉවත්ව මරදානයට පැමිණියහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
’’කොහේ තියෙන නිදහසක්ද?’’ සත්‍යග්‍රහය මරදානේ
ranjana Friday, 03 February 2023 06:33 PM
අපි නිදහස සමරන්නම්... ඔය ළමයි ගෙදර ගිහින් 14 දා ඇවිත් වැලන්ටයින් සමරන්න..
pakeer Friday, 03 February 2023 08:25 PM
සත්‍යග්‍රහ ඕනෑ නැහැ. කවුරුත් ඕකට නොයා ඉන්න. ඔවුන්ටම ඕක කරගන්න දෙන්න. මිනිස්සු නැතිව ඕක සමරපුදෙන්..
Chandra Friday, 03 February 2023 09:43 PM
69 ලක්ෂයේ කව්රුත්ම මෙතන නැද්ද ?
ආරියරත්න හේරත් Saturday, 04 February 2023 05:31 AM
ඕවට කියන්නේ ගොන් පාට් කියලා.
de silva berlin Saturday, 04 February 2023 06:57 AM
අපට නිදහස ලැබුණේ 1815 සුද්දා පාලනය බාරගත්ත දිනයේ. ඊට කලින් අපි ජීවත් වුණේ පාලකයන්ගේ වහලුන් ලෙස. එදා සිට දකුණු ඉන්දියානු සම්භයක් ඇති පාලකයෝ, කුඩා දරුවන්ගේ හිස් ගසාදමා හිස වංගෙඩියකට දමා කොටන්න මාව්වරුන්ට අණ කළා. බෙල්ලෙ ගල් බැඳ කාන්තාවෝ ජලයේ ගිල්වා මැරුවා. හරියට ඒක දැන් ඇෆ්ගනිස්ථානයේ තිබෙන තලෙයිබාන් පාලනය වගේ මිලේච්ඡ එකක්. නමුත් සුද්ද අපේ රට යටත් කරගත්තට පස්සේ 100% සාධාරණ නැති වුණත් යම්පමණකින් හෝ මානුෂික නීති පද්ධතියක් ස්ථාපිත කළා. සුද්දා වසර 75 කට පෙර රට භාර දෙනකොට අපි ලෝකෙට ණය නැති ආසියාවේ දෙවැනි ස්ථානයේ සිටි රටකි. වසර 75 ක සිට හොර දේශපාලකයන් මාරුවෙන් මාරුවට රට විනාශ කළා. අපේ නිදහස උදුරා ගත්තා. සුද්දා පසුගිය වසර 75 මේක පාලනය කළා නම් අද අපි ලෝකයේ දියුණු රටක්. මේක නිදහස් දිනයක් නොවේ. ජාතික ශෝක දිනයක්.
Bamunuarachchi Saturday, 04 February 2023 09:48 AM
සත්‍යග්‍ර කරන්නත් නිදහසක් තිබෙන බව මේ ගොබ්බයො දන්නේ නැහැ. ජෙප්පන්ගේ කාලෙනම් මේ වෙනකොට මිනිය දනිස්සෙන් ඉහලට උස්සන්න එපා කියලා තුන්ඩු කැල්ල ගෙවල් වලට ඇවිල්ලා.
tikkaaSunday, 05 February 2023 06:08 PM
ආරච්චි, ඔබ හරි මචන්... රාජපක්ෂලාගේ කාලේ වුණේ එහෙමයි.
PODDA Saturday, 04 February 2023 12:37 PM
බමුණු මහත්තයාගේ කතාව සියට දෙසීයක් හරි. අන්තරේ එවුන් කැම්පස්වල දුප්පත් (උන්ගෙ වචනෙන් නිර්ධන පන්තිය) ළමයින්ට නිදහසේ ඉගෙන ගන්න දෙනව? අනාගතයම විනාශ කරනවා.