
(යොහාන් භාසුර)
ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට විරෝධය දක්වමින් කොළඹදී හෙට (4) පැවැත්වීමට නියමිත විරෝධතාවට සමගාමීව මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට අරගලකරුවන් පිරිසක් මේ වන විට සත්‍යග්‍රහයක නිරතව සිටිති.
කොහේ තියෙන නිදහසක්ද? යන තේමාව යටතේ එම පිරිස සත්‍යග්‍රහයේ නිරතව සිටිති.
එම පිරිස කොටුව දුම්රිය ස්ථානය අසළ විරෝධයක් පැවැත්වීමට සූදානම් වූ අවස්ථාවවේදී එය අත්හිටුවමින් අධිකරණ නියෝගයක් පනවා ඇති බව කොටුව පොලිසියේ නිලධාරීන් නිවේදනය කිරීමත් සමඟ ඔවුන් එම ස්ථානයෙන් ඉවත්ව මරදානයට පැමිණියහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නිදහස සමරන්නම්... ඔය ළමයි ගෙදර ගිහින් 14 දා ඇවිත් වැලන්ටයින් සමරන්න..
සත්‍යග්‍රහ ඕනෑ නැහැ. කවුරුත් ඕකට නොයා ඉන්න. ඔවුන්ටම ඕක කරගන්න දෙන්න. මිනිස්සු නැතිව ඕක සමරපුදෙන්..
69 ලක්ෂයේ කව්රුත්ම මෙතන නැද්ද ?
ඕවට කියන්නේ ගොන් පාට් කියලා.
අපට නිදහස ලැබුණේ 1815 සුද්දා පාලනය බාරගත්ත දිනයේ. ඊට කලින් අපි ජීවත් වුණේ පාලකයන්ගේ වහලුන් ලෙස. එදා සිට දකුණු ඉන්දියානු සම්භයක් ඇති පාලකයෝ, කුඩා දරුවන්ගේ හිස් ගසාදමා හිස වංගෙඩියකට දමා කොටන්න මාව්වරුන්ට අණ කළා. බෙල්ලෙ ගල් බැඳ කාන්තාවෝ ජලයේ ගිල්වා මැරුවා. හරියට ඒක දැන් ඇෆ්ගනිස්ථානයේ තිබෙන තලෙයිබාන් පාලනය වගේ මිලේච්ඡ එකක්. නමුත් සුද්ද අපේ රට යටත් කරගත්තට පස්සේ 100% සාධාරණ නැති වුණත් යම්පමණකින් හෝ මානුෂික නීති පද්ධතියක් ස්ථාපිත කළා. සුද්දා වසර 75 කට පෙර රට භාර දෙනකොට අපි ලෝකෙට ණය නැති ආසියාවේ දෙවැනි ස්ථානයේ සිටි රටකි. වසර 75 ක සිට හොර දේශපාලකයන් මාරුවෙන් මාරුවට රට විනාශ කළා. අපේ නිදහස උදුරා ගත්තා. සුද්දා පසුගිය වසර 75 මේක පාලනය කළා නම් අද අපි ලෝකයේ දියුණු රටක්. මේක නිදහස් දිනයක් නොවේ. ජාතික ශෝක දිනයක්.
සත්‍යග්‍ර කරන්නත් නිදහසක් තිබෙන බව මේ ගොබ්බයො දන්නේ නැහැ. ජෙප්පන්ගේ කාලෙනම් මේ වෙනකොට මිනිය දනිස්සෙන් ඉහලට උස්සන්න එපා කියලා තුන්ඩු කැල්ල ගෙවල් වලට ඇවිල්ලා.
බමුණු මහත්තයාගේ කතාව සියට දෙසීයක් හරි. අන්තරේ එවුන් කැම්පස්වල දුප්පත් (උන්ගෙ වචනෙන් නිර්ධන පන්තිය) ළමයින්ට නිදහසේ ඉගෙන ගන්න දෙනව? අනාගතයම විනාශ කරනවා.