(උපුල් හේරත්)
ඓතිහාසික මිහින්තලා පුදබිමේ ඉදිකිරීම් වැඩවල නියැලුණ හා ආරක්ෂාව සඳහා යොදවා තිබූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් ,යුධ හමුදා සෙබළුන් කිසිදු දැනුම් දීමකින් තොරව ඉවත් කර ඇති බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
ඓතිහාසික මිහින්තලා පුදබිමේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා යොදවා තිබුණේ යුද හා නාවික හමුදාව ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් පිරිසකි.
කිසිදු දැනුම් දැනුම් දීමකින් තොරව මෙම සෙබළුන් ඉවත් කිරීම පිළිබඳව ඓතිහාසික මිහින්තලා රජ මහා විහාරස්ථානයේ ආරක්ෂාව පිළිබඳව පැන නැගෙනුයේ විශාල ගැටළුවක් බව නා හිමියෝ අවධාරණය කරති.
මෙසේ සිදු වීමට හේතුව ජාතික හෝ ජාත්‍යන්තර මැදිහත්වීමක් දැයි උන්වහන්සේ කරුණු විමසයි.
මිහින්තලා පුද බිමේ පිහිටි ධාතු මන්දිරයේ ඉදිරි දොරටුව ගලවා ඉවත් කිරීමෙන් පසු,එහි සේවය කළ සෙබළුන් ඉවත් වීම නිසා ,මහ රහතන් වහන්සේලාගේ ධාතුන් ,භෂ්මාවශේෂ ,රනින් නිම කරන ලද සතර වරම් දෙවියන්ගේ ප්‍රතිමා ,පෙරදා මිහිඳු මහරහතන් වහන්සේ පුද පූජා පැවැත් වූ ස්වර්ණමය බුද්ධ ප්‍රතිමාව ,කිලෝ සියයකට අධික බරකින් යුත් පස් ලෝ ප්‍රතිමා කිහිපයකද ආරක්ෂාව නැති වී ඇති බව නා හිමියෝ අවධාරණය කරති.
මෙම විහාරස්ථානයෙන් එකතු වෙන මුදල්වලට අමතරව දෙස්- විදෙස් ධානපතියන් ගෙන් ලැබෙන මුදල් එකතු කර අනාගත පරපුර වෙනුවෙන් ඉදි කරනු ලබන මෙම සිද්ධස්ථාන හිටි හැටියේ කඩා කප්පල් කිරීමට ගන්නා ලද තීරණය පිළිබඳව රටවාසීන් දැනගත දැන ගත යුතුව ඇතැයි උන්වහන්සේ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතා කළා වැඩියි. ඒකයි හේතුව...
හා හා... දැන් ඉතින් හොරකම් කරන්න මොනවද තියෙන්නේ කියලා ලැයිස්තුවම දිග ඇරියනේ... එන සතියේ ලියන්න පුළුවන්... මිහින්තලා විහාරයේ දඹරන් පිළිම අතුරුදන් තියලා...
රටක හමුදාවක් යොදලා ආරක්ෂා කරගන්න කරම් දේපල බුදුන්වහන්සේටවත් තිබුනේ නැහැ. ඒ උත්තමයාටත් තිබුනේ නොවටිනා පඩු සිවුරු දෙකක් සහ පාත්‍රයක් පමණයි. දැන් ඔබටම තේරෙනවා නේද රැස් කිරීමේ ථල විපාක. ඒ නිසයි රැස් කිරීමම අබෞද්ධයි කියන්නේ. තව හයියෙන් අඩලා දේපල ආරක්ෂා කරලා දෙන්න කියන්න.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග රජය කළ 1995 දිඹුලාගල නායක සවාමින් වහන්සේට තිබූ ප්‍රබල ආරක්ෂාව ඉවත් කිරීමෙන් කොටි සංවිධානය විසින් නාහිමියන් ඝාතනය කළා... එවකට තිබූ ආණ්ඩුව සහ විධායකය විසින් දිඹුලාගල නාහිමියන්ට රජයෙන් දී තිබූ ආරක්ෂාව සෙනසුන් භූමියේ තිබූ හමුදා කඳවුර ඉවත් කළා. නාහිමියන් අප සමඟ ඒ බව පවසා ඇත.. එහි සත්‍යතාවය ද මැනවින් දනී. එලෙස බෞද්ධ සිද්ධස්ථානයන්ට ආරක්ෂාව සැලසීමට රජය බැඳී ඇත. යම් හෙයකින් මේ ස්වාමින් වහන්සේලාට අනතුරක් වීමට ප්‍රථම නීතියේ රැකවරණය සලසාදීම වගකිව යුත්තන්ගේ වගකීමයි...
ජේ.ආර්. ජයවර්ධන කපටි මහල්ලාගේ කාලේ ගැටඹේ රජෝපවනාරාමයටත් ඔහොයමයි සැලකුවේ. මේ මහල්ලත් අනුගමනය කරන්නේ එම කුහක ප්‍රතිපපත්තියම තමයි.
අඟේ ඉඳන් කණ කන්න ගියාම ඔහොම වෙනවා....
දේශපාලන පළිගැනීමක් මේක. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී ජනරජයේ කතාකිරීමේ නිදහස නැද්ද?