
(යොහාන් භාසුර)
මෙම වසරේ යල කන්නයට ජලය සැපයීමට මාර්තු 15 වැනි දින වන විට ආරම්භ කිරීමට සැලසුම් කර තිබීම සහ 2022/23 මහ කන්නය සඳහා මේ වන විටත් ජලය සපයන බැවින් විදුලි නිෂ්පාදනය සඳහා ඉදිරියේදී අමතර ජල ප්‍රමාණයක් නිකුත් කළ නොහැකි බව මහවැලි අධිකාරිය විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම්දී තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අනාවැකියට අනුව සැලකිය යුතු වර්ෂාවක් ජනවාරි මස 31 සහ මේ මස 1 සහ 2 දිනවල නොලැබීම නිසා වාරි ජලය, පානීය ජලය සහ ගොවිපළවලට සපයන ජලය ප්‍රමාණය ද සළකමින් ජල විදුලි නිෂ්පාදනයට සාමාන්‍ය පරිදි ජලය නිකුත් කිරීමට තීරණය කළ බවත් ජල විදුලි නිෂ්පාදනය සඳහා යොදාගන්නා ජලාශවල සියයට 73 ක් ජලය පැවතුණ ද විදුලි නිෂ්පාදනය සඳහා එම ප්‍රමාණයෙන් සියයට 50 ක් පමණක් යොදගත හැකි බවත් මහවැලි අධිකාරිය අමාත්‍යංශ ලේකම්වරයා වැඩි දුරටත් දැනුවත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනවශ්‍ය ලෙස විදුලියට පමණක් ජලය නිකුත් කොට දැනට සිදු කෙරෙන මහ කන්නයේ වගාවන් සහ ඉදිරි යළ කන්නයේ වගාවන් අවදානමට ලක් කරන්න එපා. එසේ කළොත් අපට අල්ලපු අත්තත් නැහැ පය පහපු අත්තත් නැහැ. රසායන පොහොර සහ කෘෂි රාසයන තහනම හේතුවෙන් ඇති වූ අසීමිත පීඩාවෙන් ගොවි ජනතාව තවමත් මිදී නැහැ. පුදුමයට කරුණ නම් එක රජයේ නිලධාරියෙකුටවත් මේ මෝඩ තීරණයට එරෙහි වීමට කොන්දක් නොතිබීමයි.