
(යොහාන් භාසුර)
මෙම වසරේ යල කන්නයට ජලය සැපයීමට මාර්තු 15 වැනි දින වන විට ආරම්භ කිරීමට සැලසුම් කර තිබීම සහ 2022/23 මහ කන්නය සඳහා මේ වන විටත් ජලය සපයන බැවින් විදුලි නිෂ්පාදනය සඳහා ඉදිරියේදී අමතර ජල ප්‍රමාණයක් නිකුත් කළ නොහැකි බව මහවැලි අධිකාරිය විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම්දී තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අනාවැකියට අනුව සැලකිය යුතු වර්ෂාවක් ජනවාරි මස 31 සහ මේ මස 1 සහ 2 දිනවල නොලැබීම නිසා වාරි ජලය, පානීය ජලය සහ ගොවිපළවලට සපයන ජලය ප්‍රමාණය ද සළකමින් ජල විදුලි නිෂ්පාදනයට සාමාන්‍ය පරිදි ජලය නිකුත් කිරීමට තීරණය කළ බවත් ජල විදුලි නිෂ්පාදනය සඳහා යොදාගන්නා ජලාශවල සියයට 73 ක් ජලය පැවතුණ ද විදුලි නිෂ්පාදනය සඳහා එම ප්‍රමාණයෙන් සියයට 50 ක් පමණක් යොදගත හැකි බවත් මහවැලි අධිකාරිය අමාත්‍යංශ ලේකම්වරයා වැඩි දුරටත් දැනුවත් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
294
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලියට වැඩිපුර ජලය දෙන්න බෑ
Sunil Friday, 03 February 2023 04:05 PM
අනවශ්‍ය ලෙස විදුලියට පමණක් ජලය නිකුත් කොට දැනට සිදු කෙරෙන මහ කන්නයේ වගාවන් සහ ඉදිරි යළ කන්නයේ වගාවන් අවදානමට ලක් කරන්න එපා. එසේ කළොත් අපට අල්ලපු අත්තත් නැහැ පය පහපු අත්තත් නැහැ. රසායන පොහොර සහ කෘෂි රාසයන තහනම හේතුවෙන් ඇති වූ අසීමිත පීඩාවෙන් ගොවි ජනතාව තවමත් මිදී නැහැ. පුදුමයට කරුණ නම් එක රජයේ නිලධාරියෙකුටවත් මේ මෝඩ තීරණයට එරෙහි වීමට කොන්දක් නොතිබීමයි.