IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


’’පොහොට්ටුව ගැන ජනතාව දුකින් බලන් ඉන්නවා’’

(සුජිත් හේවාජුලිගේ )

පොහොට්ටුවේ අය ගැන රටේ ජනතාව තුළ විරෝධයක් නැති බවත්  ඔවුන් තුළ තියෙන්නේ ඒ අය ගැන දුකක් බවත්   පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පැවසීය.

මිනිස්සු දනි පනි ගා නැගිට ඇවිත් දැන් පොහොට්ටුවේ අය දිනවීමට වැඩ කරන්න පටන් ගෙන ඇත්තේ ඒ නිසා බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ මාධ්‍ය කළ විමසුමකදීය.



අදහස් (10)

’’පොහොට්ටුව ගැන ජනතාව දුකින් බලන් ඉන්නවා’’

Ariyathilaka Friday, 03 February 2023 01:53 PM

මානව හිමිකම් සඳහා වන ජාත්‍යන්තර සම්මේලනය (FIDH) විසින් එළි දක්වා ඇති වාර්තාව කියවීමෙන් ඊටත් වඩා දුක හිතේවි! 2022 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ ආර්ථික අර්බුදයට සමගාමීව ආරම්භ වූ "සාමකාමී විරෝධතා ව්‍යාපාරය නිර්දය ලෙස මර්දනය කර ඇතැයි," මානව හිමිකම් සඳහා වන ජාත්‍යන්තර සම්මේලනය (FIDH) පවසයි. පිටු 60න් යුතු සවිස්තර වාර්තාව මගින් මානව හිමිකම් සඳහා වන ජාත්‍යන්තර සම්මේලනය අරගලය මර්දනය කළ ආකාරය පිළිබඳව රජයට බරපතල ලෙස චෝදනා කර තිබේ. එම වාර්තාවේ 04 වෙනි පිට (සිංහලාර්ථය) "ශ්‍රී ලංකාවේ අරගල විරෝධතා ව්‍යාපාරය මර්දනය කිරීම, විරෝධතාකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකා බලධාරීන් විසින් සිදු කරන ලද බරපතල සහ ක්‍රමානුකූල මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ සවිස්තර වාර්තාවක් සපයයි. මෙම ක්‍රියාවන් ප්‍රධාන මානව හිමිකම් ගිවිසුම් ප්‍රතික්ෂේප කිරීමෙන් පැන නගින ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර නීතිමය බැඳීම් සමඟ නොගැලපේ. අරගලය (සිංහලයෙන් "අරගල") නමින් හැඳින්වෙන ව්‍යාපාරය උපත ලැබුවේ, ආණ්ඩුවේ දිග්ගැස්සුණු ආර්ථික අවපාලනය සහ වැඩෙන මහජන අතෘප්තිය අධික දූෂණය සහ ඥාති සංග්‍රහයට ප්‍රතිචාරයක් වශයෙනි. " මෙමගින් රජයට කරන චෝදනා බරපතලයි.

:       1       0

Muthu Friday, 03 February 2023 01:54 PM

ඇත්ත කතාව, මිනිස්සු සෑහෙන දුකින් ඉන්නේ. මොවුන් කැන්වසින්වත් එන්නේ නෑ.., අල්ලාගෙන සලකන්න.

:       0       2

ජගත් ලියනගේ Friday, 03 February 2023 02:04 PM

විරෝධයක්ද? දුකක්ද? තියෙන්නේ කියන එක මාර්තු 9 වෙනිදාට බලාගන්න පුළුවන්...

:       0       2

Shan Friday, 03 February 2023 02:18 PM

මෙයාට අමු කැවිලද?

:       0       2

vira Friday, 03 February 2023 02:27 PM

එන්න එන්න අපිත් මේ ඉන්නේ දනිපණි ගාගෙන යන්න දෙන්න මේ පාර... මෝඩ මූසලයෙක්...

:       0       2

C.K.Lankaputhra Friday, 03 February 2023 02:40 PM

ඔව් අපි නැගිටිනවා තමයි.., නැගිටිනවා! ඒ දේශපාලන පිසාචයින්ව නැතිකරලාම දාන්නයි...

:       0       9

Sunil Friday, 03 February 2023 04:09 PM

ඔව් ජනතාව හරිම දුකෙන් බලා ඉන්නව. අපේ පළාත්වල නම් තවම පොහොට්ටුවේ හෝ අලියගේ රැළි තිබුනේ නැහැ. මේ දොගොල්ලොම තවම ඡන්දය ඉල්ලාගෙන ගෙන් ගෙට යන්නෙත් නැහැ. කවදාවත් එසේ එන එකකුත් නැහැ. එසේ ගියොත් ලැබෙන ප්‍රතිචාරය හොඳ දැටි දන්නවා. අපේ ඉඳල් කොසු ඒ වෙනුවෙන් සූදානම්.

:       0       1

Hafeel Friday, 03 February 2023 04:21 PM

ඔයා ගැනත් අපිට ආධාම්බරයි. ඔයාව ඇමතිකම්වත් නැතුව බිත්තියට හේතුකරලා තියන්නේ දැන්. මේ පාර පාර්ලිමේන්තුවට ආපු ජීවන්ටත් ඇමතිකමක්.

:       0       2

ගමේ එකාලා Friday, 03 February 2023 07:02 PM

අනේද කියන්නේ, ගමේ උදවිය බලන් ඉන්නේත් පොහොට්ටු කාරයින් ගමට එනකම් තමයි...

:       0       2

swene Saturday, 04 February 2023 07:18 AM

ජනතාව මෙය ලඟට ඇවිත් අඬලා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 120 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 680 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site