
(අංජුල මහික වීරරත්න)
හිටපු කථානායකවරයකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු වන කරූ ජයසූරිය මහතා “ශ්‍රී ලංකාභිමාන්‍ය”ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.
කරු ජයසූරිය මහතා ජාතිය උදෙසා කරන ලද උත්කෘෂ්ඨ සේවය අගයමින් ඒ මහතා වෙත මෙම සම්මානය පිළිගැන්විණි.
කරු ජයසූරිය මහතා වෙත පදක්කම් පළඳවා සම්මානය පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.
එහිදී “කරු ජයසූරිය අභිමානනීය ජීවිත ගමනේ ප්‍රභාෂ්වර ප්‍රත්‍යාවලෝකනය” නම් සමරු ග්‍රන්ථය කරු ජයසූරිය මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
75 වන ජාතික නිදහස් සැමරුම නිමිත්තෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
ජීවිත කාලය තුළ එක්වරක් පමණක් හිමි වන “ශ්‍රී ලංකාභිමාන්‍ය”ගෞරව සම්මානය ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලාංකික පුරවැසියෙකුට හා ශ්‍රී ලාංකික නොවන පුද්ගලයෙකුට ලබා දෙන ඉහළම ජාතික සම්මානයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් රටට සේවයක් කලා කියලා පේන්නේ මහින්ද මහත්තයා විතරයි. බයින් හැකිලුණු සමාජයක් එයින් මුදවා ගෙන කවදාවත් ලංකාව තුල නොතිබුණු මහාමාර්ග, විදුලිය, ජලය ඇතුලු යටිතල පහසුකම් දීලා රටට විශාල සේවයක් කරපු මහින්ද මහත්තයාට මේක නොදි වෙන කෙනෙකුට දීම කවදාවත් අනුමත කරන්න බැහැ. අපි දරුවොත් එක්ක බය නැතුව පාරේ බැහැලා යනකොට පින් දෙන්න ධනැ එතුමාට. දේශපාලනයෙන් අන්ධ වුණු වහල්ලු එතුමාට වෛර කලාට මයිනා කිවිවාට කිසිම දිනක එතුමාගෙන් පුද්ගලික දෙයක් ලබා නොගත්තු මා හදවතින්ම මෙම සම්මානය එතුමාට දෙනවා. එතුමාට මෙවැනි සම්මානයක් ජීවිත කාලය තුලදි නොලැබීම පිලිබදව තියෙන්නේ කණගාටුවක්.
මොනව කළාටද කියලත් කිව්වනම් තමයි මේ නිවුස් එක වටින්නෙ..
හිනා ගියා .
මොනවද රට වෙනුවෙන් කරලා තියෙන්නේ...?
ඕක ගන්න තිබුනෙ නෑ ඔය වගේ මිනිහෙක්ගෙ අතින් , ඔබට නිසි ගෞව්රවය ලැබෙන්න තිබුන ඔය වගේ හොරු 134 පත්කල මිනිසෙකුගෙන් ඔය ලබා නොගත්තා නම්
මොකක්ද මෙයාගෙන් රටට වෙච්චි සෙතේ සම්මාන දෙන්න තරම්... සම්මානේ දෙන්නෙත් මරු කෙනෙක්.. හොර පාරෙන් ඇවිත් පින් ජනාධිපති වෙච්චි, මහබැංකුව දෙපාරක් සුද්ද කළා. සම්මානය ගන්න කෙනාටත් ලැජ්ජාවක් නැහැ...
පිදිය යුත්තන් පිදීම බුදුදහමේ පවා උන්වා ඇත. ජනාධිපති තුමා ඒ බව ක්‍රියාවෙන් ඔප්පු කර තිබේ. කරු ජයසූරිය මැතිදුන්ට ශ්‍රී ලංකාභිමාන්‍ය ගෞරව සම්මානය පිදීම එතුමා වෙනුවෙන් කළ යුතුව තිබුණේ මීට කාලයකට පෙරය. අපේ සුබපැතුම්.