‘‘ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නඟනවා‘‘ මිත්‍ර රටවල්වල සහ විදේශ ආයතනවලින් ආධාර ලබා ගෙන ආර්ථිකය යළි ශක්තිමත් කළ හැකි වැඩපිලිවෙලක් සකස් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් අද (22) පැවසීය. 22 July 2022
ගාලු මුවදොර මානව කොමිසමේ පරීක්ෂාවට කොළඹ ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියේ ඇති වූ සිද්ධියෙන් පසු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නියෝජිතයෝ පිරිසක් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයෝ පිරිසක් ඒ ප්‍රදේශයට අද උදේ පැමිණ එම භූමියේ සියලු තොරතුරු සටහන් කර ගත්ත. 22 July 2022
අරගලකරුවන්ට පහරදීමට එරෙහිව සජබෙන් යූ.එන් කාර්යාලයට සංදේශයක් ගාලුමෝදර පිටියේ සිටි අරගලකරුවන්ට ආරක්ෂක අංශ විසින් පහර දීමට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් තුම්මුල්ල එක්සත් ජාතින්ගේ කාර්යාලයට විශේෂ සංදේශයක් භාරදෙනු ලැබීය. 22 July 2022
හදිසි නීතිය පැනවීම ව්‍යවස්ථාවට පටහැනි ව්‍යවස්ථාවට පටහැනි ලෙස ප්‍රකාශයට පත් කර ඇති හදිසි නීතිය වහා හකුලා ගන්නා ලෙස ශ්‍රි මානව හිමිකම් කොමිෂන් සභාව රජයට දන්වා සිටියි. 22 July 2022
සෝභිත හිමි ගෝඨාගේ හොඳක් දකී ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම නින්දිතයි කෘෘරයි. එය තරයේ හෙලා දකිනවා. මේ අයුරින් අරගලය මැඩ පවත්වන්න ගෝඨාභය රාජපක්ෂටත් හැකියාව තිබුණා නමුත් ඔහු එසේ කලේ නැහැ යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ. 22 July 2022
කැබිනට් ඇමැතිවරු18ක් දිවුරති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම දීම මේ වන විට ආරම්බ කර තිබෙනවා. 22 July 2022
‘‘ජනපතිට තිබූ පිළිගැනීම අහිමි කර ගත්තා‘‘ අරගලකරුවන්ගේ පිහිටෙන් ජනපති වූ රනිල් වික්‍රමසිංහ මහතා එම අරගලකරුවන්ටම පහරදී තමන්ට තිබූ ජාත්‍යන්තර පිළිගැනීම එක්දිනකින්ම අහිමි කරගත් බව 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 22 July 2022
ගෑස් නෞකාවක් එයි ගෑස් මෙට්‍රික්ටොන් 3700 ක් රැගත් නෞකාවක් මේ වන විට කොළඹට ළගාවී ඇති බවත් එහි ගෑස් පරීක්ෂාවට ලක්රමින් සිටින බවත් ලිට්රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා අද (22) පැවසීය. 22 July 2022
තවත් පෙට්‍රල් නෞකාවක් එයි පෙට්‍රල් නෞකාවක් සහ දැවිතෙල් නෞකාවක් ශ්‍රී ලංකාවට ළඟාවී ඇති බවත් එම පෙට්‍රල් සහ දැවිතෙල් පරීක්ෂාවට ලක්කිරීමේ ක්‍රියාවලියේ තිබෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 22 July 2022
කමල් ගුණරත්න යළිත් ආරක්ෂක ලේකම් ධුරයට විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළි පත් කරනු ලැබ ඇත . 22 July 2022
‘‘ජාත්‍යන්තර සහය අපේක්ෂා කරද්දී මර්දනය සුදුසු නෑ‘‘ ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂාවෙන් සිටින මොහොතක මර්දනකාරී ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීම රටේ අනාගතයට බලපානු ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 22 July 2022
ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනපතිගෙන් නියෝගයක් මහජන ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා ත්‍රිවිධ හමුදාව දිවයින පුරා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය . 22 July 2022
පාර්ලිමේන්තුව වැසීම ගැන කතානායකගෙන් නිවේදනයක් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය 22 July 2022
අරගලකරුවන්ට පහර දීම ගැන සජිත්ගෙන් දැඩි ප්‍රකාශයක් ගෝල්ෆේස් අරගල කරුවන්ට මාධ්‍යවේදීන්ට සහ සිවිල් පුරවැසියන්ට අද අළුයම පහරදුන් පහර දුන් සහ ඊට නියෝග දුන් සියලුම දෙනාට එරෙහිව පරීක්ෂණ ආරම්භ කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය . 22 July 2022
වෛද්‍යවරයාට පහරදුන්නට නිහඬ විරෝධයක් පොලොන්නරුව ජයන්තිපුර ග්‍රාමිය සහ පුනරුත්ථාපන රෝහලේ රාජකාරියේ නිරතව සිටි වෛද්‍යවරයකුට පෙරේදා(21)පස්වරුවේ බීමත්ව පැමිණි පුද්ගලයකු සිදුකල පහරදීම හෙලාදකිමින් එම රෝහලේ වෛද්‍යවරුන්,හෙද හෙදියන් ඇතුලු සමස්ත කාර්ය මණ්ඩලය අද පෙරවරුවේ රෝහල ඉදිරිපිටදී සාමකාමී විරෝධතාවයක නිරත වූහ. 22 July 2022
ඇමැති මණ්ඩලය දිවුරුම් දීම දහවල් 1ට නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද දහවල් 1ට දිවුරුම් දීමට නියමිතය. 22 July 2022
අරගලකරුවන්ට පහරදීම ගැන එක්සත් ජාතීන්ගෙන් දැඩි අවධානයක් ගාලු මුවදොර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට බලය භාවිතා කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි අවධානයෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හැනා සින්ගර් හැම්ඩි මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළාය. 22 July 2022
අරගලකරුවන්ට ප්‍රහාර දුන්නාට කොටුවේ විරෝධතාවක් කොළඹ ගාලුමුවදොර අරගලකරුවන්ට අද (22) අළුයම ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරයට විරෝධය දක්වමින් සිවිල් සංවිධාන සාමාජිකයන් ඇතුළු පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටිති. 22 July 2022
දිනේෂ් අගමැති ධූරයේ දිවුරුම් දෙයි නව රජයේ අග්‍රාමාත්‍ය වරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දැන් දිවුරුම් දුන්නේය. 22 July 2022
අගමැති - ඇමැති මණ්ඩලය දිවුරන්න සුදානම් නව රජයේ අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ අමාත්‍ය මණ්ඩලය තව සුළු මොහොතකින් දිවුරුම් දීමට නියමිතය. 22 July 2022
ඉන්ධන පොලිමේ සිට කන්න ගිය තිදරු පියා අනතුරින් මරුට බුත්තල නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක අසල පොලිමේ සිය යතුරු පැදිය නවතා රාත්‍රි ආහාර ලබා ගැනිම පාන් ගෙඩියක්ද රැගෙන පාගමනින් නිවසට පා ගමනින් යමින් සිටි තිදරු පියකු යතුරුපැදියක ගැටි එම ස්ථානයේදිම මියගොස් ඇතැයි පොලිසිය කියයි. 22 July 2022
සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මහ වැසි සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද (22) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 July 2022
ගාලු මෝදර සිද්ධියට එතෙර කනස්සල්ලෙන් ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ආරක්ෂක අංශ අද(22) අලුයම ගත් ක්‍රියා මාර්ගය ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි කණසල්ලට හේතු ඇත. 22 July 2022
පහරදීම නීතිඥ සංගමය හෙළා දකී ජනාධිපති ලේකම් කාර්යාලය අවට ගාලු මුවදොරහි සිටි විරෝධතාකරුවන්ට බලධාරින් බලහත්කාරී හා ප්‍රචණ්ඩකාරී ලෙස අද (22) අලුයම කළ පහර දීම තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 22 July 2022
‘‘පහරදී අරගලය නවත්වන්න බෑ‘‘ රාජපක්ෂවරුන්ගේ භූත ආත්ම පාර්ලිමේන්තුවේ තවමත් සැරිසරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කළේ ඒ භූත ආත්ම බවත් ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 22 July 2022
ජනධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පිරිස ඉවත් කරයි පොලිසිය සහ හමුදාව ,විශේෂ කාර්ය බළකාය එක්ව ජනාධිපති ලේකම්කාර්යාලය අසල රැඳිසිටි අරගලකරුවන්ට පහරදී අද (22) අළුයම එම ස්ථානයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වෙයි 22 July 2022
ඉන්ධන හිඟය නිසා කැලෑ පාළුවන්ගෙන් මල්ල කරේ වනජීවීයට සහ ආරක්ෂක අංශවලට ඉන්ධන ලබාදීම සීමා කිරීම්ත් සමඟ පොලොන්නරුවේ විවිධ ජාවාරම්කරුවෝ වනෝද්‍යයාන සහ රක්ෂිතවලට වනසති. 21 July 2022
රටපුරා අංකයට ඉන්ධන නිකුත් කිරීම සාර්ථකව සිදුකරයි වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව රටපුරා ‘සිපෙට්කෝ’ ඉන්ධන පිරවුම්හලින් පසුව අද (21) ඉන්ධන නිකුත් කළේය. 21 July 2022
ඇමෙරිකා ජනපතිට කොරෝනා ඇමෙරිකා එක්සත් ජනාධිපති ජෝ බයිඩන් ට කොවිඩ්-19 වයිරසය අසාදනය වී ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 21 July 2022
හිටපු ඇමති මණ්ඩලයම යළි දිවුරුම් දෙයි අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම් දීමෙන් පසු දැනට පවතින අමාත්‍ය මණ්ඩලය යටතේම ආණ්ඩුව පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. 21 July 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026