(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කටයුතු සදහා රුපියල් කෝටි 77ක මුදලක් මේ මාසයේදී ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.
පළාත් පාලන මැතිවරණයේ මූලික වියදම් සදහා එපමණ මුදලක් යන බව ඇස්තමේන්තු කර ඇත. මෙම ඉල්ලීම කර ඇත්තේ ඒ අනුවය.
මෙම මුදල එකවර හෝ වාරික වශයෙන් ලබාදීමට පියවර ගන්නා ලෙසද මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
මැතිවරණ වියදම් වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය මෙයට පෙර රුපියල් කෝටි හතරක පමණ මුදලක් මැතිවරණ කොමිෂන් සභාවට ලබා දුන්නේය.
මේ අතර පළාත් පාලන මැතිවරණයේ සම්පූර්ණ කටයුතු සඳහා රුපියල් කෝටි 400 ක පමණ මුදලක් වැය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්දෙට කෝටි 77ක් ඉල්ලයි
Bamunuarachchi Sunday, 05 February 2023 03:00 PM
මොන සල්ලිද හලෝ? සල්ලි නැතුව ඡන්දෙ කරන්න බැරිනම් නිකන් ඉන්න. ණයට අරන් ඡන්දෙ කරලා ගේ උගස් තියලා ණය බේරනවා. අපි ඡන්දෙ දාන්න එන්නේ නැහැ. මේ ඡන්දේ දිනලා කාටවත් මුකුත් කරන්න බැහැ. කොන්තරාත්කාරයෝ වෙනස් වේවි... එච්චරයි.
Ariyathilaka Monday, 06 February 2023 01:13 AM
පළාත්පාලන මැතිවරණය කල් දැමීම සඳහා ආණ්ඩු යම්කිසි ක්‍රියාවලියක නිරත වී සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. පෙබරවාරි 08දා පාර්ලිමේන්තු සැසිවාරය යළි කැඳවීමේ දී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන රාජාසන කතාවට මැතිවරණය කල් දැමීමේ යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. යනුවෙන් ද මාධ්‍ය වාර්තා කර තිබුණි. දැනට ප්‍රකාශයට පත්කර ඇති පරිදි මාර්තු මස 09 නවනිදා පළාත් පාලන මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන් හමුවේ පැවසුවේ යැයි මෙරට සංචාරයක නිරත වූ ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය සඳහන් කර ඇති බව මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි. එකී වාර්තාවට අනුව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය විසින් කර ඇති ප්‍රකාශය ඉවත ලිය නො හැක. ඇය රාජ්‍යතාන්ත්‍රික භාවයෙන් යුතු වගකිවයුතු තැනැත්තියක වන බැවින් ඇයගේ ප්‍රකාශ
Ariyathilaka Monday, 06 February 2023 01:15 AM
ප්‍රකාශය අප විසින් විශ්වාස කර නො කිරීමට හේතුවක් නැත. ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධනියා බැවින් මැතිවරණය කල් දැමීමට යෝජනා කිරීමට හේතුවක් තිබුණේ නම් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම්වරියට මැතිවරණය පවතවන බවට ප්‍රකාශ නො කරනවා ඇත. මැතිවරමය කල්දමන්නේ නම්, දෙදනා විසින් කරන ලද පරස්පර විරෝධී මත ප්‍රකාශ කිරීමක් වනවා ඇත. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම්වරියගේ වචනය හිස් ප්‍රලාපයක් වනවානම් ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික භාවය කෙරෙහි විශ්වාසනීය බව තව දුරටත් තැබීම නො හැකි වනු ඇත. ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි කියන ප්‍රකාශය ක්‍රියාවේ නො යොදන්නේ නම් එය අසත්‍යවාදීව ක්‍රියා කිරීමකි. රජ්‍ය තාන්ත්‍රික බව කෙලෙසීමකි. බොරුවෙන් මුලා කිරීමකි. මේ දෙදෙනාගෙන් කවුද? ඇත්ත කියන්නේ; කවුද?බොරුකියන්නේ?
Ariyathilaka Monday, 06 February 2023 10:47 AM
පෙබරවාරි 08දා පාර්ලිමේන්තු සැසිවාරය යළි කැඳවීමේ දී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන රාජාසන කතාවට මැතිවරණය කල් දැමීමේ යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. යනුවෙන් මාධ්‍ය වාර්තා කර ඇත. මෙරට සංචාරයක නිරත වූ ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය, මාර්තු 09 වෙනි දින ප්‍රකාශයට පත් කර ඇති පලාත් පාලන මැතිවරණය අනිවාරයයෙන් ම පවත්වන බව රනිල් වික්‍රමසිංහ මහතා තමන් හමුවේ පැවසුවේ යැයි සඳහන් කර ඇති බව ද මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි. එකී වාර්තාවට අනුව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය විසින් කර ඇති ප්‍රකාශය ඉවත ලිය නො හැක. ඇය රාජ්‍යතාන්ත්‍රික භාවයෙන් යුතු වගකිවයුතු තැනැත්තියක වන බැවින් ඇයගේ ප්‍රකාශය අප විසින් විශ්වාස කර නො කිරීමට හේතුවක් නැත. ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධනියා බැවින් මැතිවරණය කල් දැමීමට යෝජනා කිරීමට හේතුවක් තිබුණේ නම් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම්
Ariyathilaka Monday, 06 February 2023 10:49 AM
ලේකම්වරියට මැතිවරණය පවතවන බවට ප්‍රකාශ නො කරනවා ඇත. මැතිවරණය කල් දමන්නේ නම්, දෙදනා විසින් කරන ලද ප්‍රකාශ පරස්පර විරෝධී මත ප්‍රකාශ කිරීමක් වනවා ඇත. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම්වරියගේ වචනය හිස් ප්‍රලාපයක් වනවා නම් ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික භාවය කෙරෙහි විශ්වාසනීය බව තව දුරටත් තැබීම නො හැකි වනු ඇත. ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි කියන ප්‍රකාශය ක්‍රියාවේ නො යොදන්නේ නම් එය අසත්‍යවාදී ව ක්‍රියා කිරීමකි. රජ්‍ය තාන්ත්‍රික බව කෙලෙසීමකි. බොරුවෙන් මුලා කිරීමකි.