IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පිළිම හොරු දඹුල්ලෙන් අල්ලයි

(කාංචන කුමාර ආරියදාස)

නිධානයකින් ගත් බුදුපිළිම බව පවසමින් රුපියල් කෝටි එකහමාරකට උණු කිරීම සඳහා රනින් නිමවූ  පිළිම තුනක් අලෙවි කිරීම්ට ගිය පියකු සහ පුතකු  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල දී සැකපිට අත්අඩංගුවට ගත් දබව දඹුල්ල පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල බුදුගේහින්නේ පදිංචි පියකු සහ පුතකු බවද ඔවුන් බුදු පිළිම රැගෙන ආ ත්‍රිරෝද රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.

මීට දින තුනකට පමණ ඉහත දී දඹුල්ල පොලිස් විශේෂ කාර්යාංශයට ලද බුද්ධි තොරතුරක් මත ඉතා සූක්ෂම ලෙස ගැනුම්කරුවන් ලෙස දඹුල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් වෙස් වලාගෙන ගොස් මෙම බුදු පිළිම අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් කෝටි එක හමාරක් පමණ වටිනා බව කිවූ මෙම බුදු පිළිම 3 පොලිස් නිලධාරීන් ඉතා සූක්ෂම ලෙස දින තුනක් තිස්සේ කේවල් කරමින් මිල අඩුකර ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරතව පසුව සැකදුරු කරගෙන මෙම බුදුපිළිම රුපියල් කෝටි එක හමාරකට මිලදී ගැනීම සඳහා තීන්දු කොට තිබේ.

ඒ අනුව බුදුපිළිම රැගෙන දඹුල්ලට ආ අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (1)

පිළිම හොරු දඹුල්ලෙන් අල්ලයි

Nihal Dharmatileke Sunday, 05 February 2023 04:38 PM

ඔන්න පොලිස් වැඩ. ජයවේවා. මිනිස්සුනට වතුර විදින්නයි ගෑස් ගහන්නයි මටත් පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site