මාස හතට ලක්ෂ එකහමාරක් එතෙර රැකියාවලට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික සහ දේශපාලන අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලාංකිකයන් 150,000 කට අධික සංඛ්‍යවක් ජනවාරි මස සිට විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. 24 July 2022
සවුත්වේල්ස් සරසවියට මෙරට සිසුන් ගැනීම නවතී මහා බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලවලට මෙරට සිසුන් බඳවා ගැනීම නවතා ඇතැයි එහි ඉගෙනුම ලැබීමට වීසා අයදුම් කර ඇති සිසුවෝ පවසති. 24 July 2022
කහවත්තේ පතලක් කඩා වැටී අයෙක් මරුට කහවත්ත නාවලකන්ද ප්‍රදේශයේ මැණික් පතලක් කඩා වැටීමෙන් එක් අයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 24 July 2022
යතුරු පැදිය පිරවුම්හල අසල දී ගිනිගෙන දැවෙයි හිඟුරක්ගොඩ සමූපකාර ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගෙන නැවත පණගන්වා ගමන් ආරම්භ කළ යතුරුපැදියක් ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට මාර්ගයේදී ගිණීගෙන විනාශ වී ඇති බව හිගුරක්ගොඩ පොලිසිය කියයි. 24 July 2022
නව ජනාධිපති සමග පළමු ආණ්ඩු පක්ෂ රැස්වීම අනිද්දා ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (26) පස්වරුවේ පැවැත්වේ. 24 July 2022
ගෝඨා ගෝ ගමට පහරදීම ගැන විවාදයක් බදාදා අරගලකරුවන් කොළඹ ගෝල්ෆේස්’’ ගෝඨා ගෝ ගම’’ අරගල භූමියෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්වූ විවාදයක් පාර්ලිමේන්තුවේදී අනිද්දා(27) පැවැත්වීමට නියමිතය. 24 July 2022
රාජ්‍ය සේවකයන් තව මාසයක් නිවසේ සිට වැඩ රාජ්‍ය ආයතනවල සේවකයන්ට තවත් මාසයක කාලයක් නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව සලසමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නව චක්‍රකල්ඛයක් නිකුත් කර ඇත. 24 July 2022
සාමකාමී විරෝධතා අයිතිය රකිනවා සාමකාමී,ප්‍රචණ්ඩත්වයෙන් තොරව රැස්වීමේ අයිතිවාසිකම් තහවුරු කිරීමට ශ්‍රී ලංකාව සැම විම කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. 24 July 2022
දුම්රිය ස්ථානාධිපති වර්ජනය අවසන් දුම්රිය ස්ථානාධිපතිවරු ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත්වෙමින් ඊයේ (23) පස්වරු 6.00 ට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට එකඟ වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 24 July 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිකරන බවක් තාම පේන්නට නෑ සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇතිකරන බවක් තවම පෙනෙන්නට නොමැති බවත්, තම පක්ෂයට ද මෙතෙක් කිසිඳු ආරාධනයක් ලැබී නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 24 July 2022
මාතර ගෝඨා ගෝගමට ප්‍රහාරයක් මාතර ගෝඨාගෝගමට ඊයේ රාත්‍රි කාලයේ කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර ඇති බව එහි සංවිධායකයෝ පවසති. 24 July 2022
දකුණේ පාසල් සතියේ දින පහම:සෙසු පළාත්වල සතියට දින තුනක් රජයේ සහ රජයේ අනුමත පාසල් හෙට සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 24 July 2022
කඳසුරිඳු පිහිට පතා පා ගමනින් එන බැතිමතුන්ට විශේෂ ආරක්ෂාව කතරගම ඇසල මහ පෙරහරට සහභාගී වීම සඳහා නැගෙනහිර සිට පා ගමනින් එන බැතිමතුන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසන ලෙස කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය. 24 July 2022
වල් අලි ප්‍රහාරයෙන් අයෙක් මරුට:අයෙක් රෝහලට මිහින්තලේ මහකනදරාව රක්ෂිතයේ මී කැඩීමට ගිය දෙදෙනකුට වල් අලි පහරදීමෙන් එක් අයකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ,අනෙක් තැනැත්තා රක්ෂිතය තුළම මියගොස් ඇතැයි කහටගස්දිගිලිය පොලිසිය කියයි. 24 July 2022
ජාතික ප්‍රශ්නවලට විසඳුම් දෙන්න ජාතික සභාවක් පිහිටුවනවා ජනතා ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන ජාතික සභාවක් පිහිටුවීමට පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී ප්‍රකාශ කළේය. 24 July 2022
දකුණේ පළාත් පාසල් සතියේ දින පහම විවෘතයි දකුණු පළාත් සභාව යටතේ පාලනය වන සියලුම පාසල් හෙට (25) සිට සතියේ දින පහම පැවැත්වෙන බව දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි. 24 July 2022
ඉන්ධන හැංගුවට වසර තුනක අත්හිටවූ සිරදඬුවමක් ඉන්ධන තොග සඟවා පාරිභෝගික ජනතාවට ඉන්ධන නොමැති බවට අසත්‍ය ප්‍රකාශ සිදු කර තමන් සතුව තිබූ ඉන්ධන අළෙවි නොකළැයි කියන චෝදනාවට වරද පිළගත් අනුරාධපුර ගුවන් තොටුපොළ පාරේ ඉන්ධන හලක කළමනාකරුවට මාස තුනක සිර දඬුවමක් නියම කළ අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය එම සිර දඩුවම වසර තුනකට අත් හිටුවීමට නියෝග කළාය. 24 July 2022
සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව 6දා නැවත අරඹයි සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවේ දෙවැනි අදියර ලබන අගෝස්තු මස 6 වැනිදා ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා අද (24) පැවසීය. 24 July 2022
කිව්.ආර්. කේතය වාහන 4,708ක් පරීක්ෂා කරලා ජාතික ඉන්ධන බලපත්‍රයට අදාල කිව්.ආර්. කේතය දිවයින පුරා ස්ථාන 20 කදී වාහන 4,708 ක් සාර්ථකව අත්හදා ලැබූ බවත් තවත් ස්ථාන 25 කදී පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 24 July 2022
පෙට්‍රල් ලීටර් 100ක් සමග තරුණයෙක් අත්අඩංගුවට මාලඹේ අමර ගොඩ පාර හෝකන්දර නිවසක බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස නිවසක ගබඩා කර තිබූ පෙට්‍රල් ඉන්ධන ලීටර් 100 ක් සමග 20 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව මාලබේ පොලිසිය කියයි 24 July 2022
ඉන්දීය පොහොර වලින් මෙට්‍රික් ටොන් 15000 ක් තේ වගාවට ඉන්දියාවෙන් ලැබුණු යූරියා පොහොර වලින් මෙට්‍රික් ටොන් 15,000ක් තේ වගාව සඳහා ලබා දීමට තීරණය කළ බව කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 24 July 2022
පළාත් රැසකට අදත් වැස්ස සබරගමුව පළාතේත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 July 2022
ඉන්ධන පෝලිමෙන් පැන පොලිසියටත් කොටන්නන ගිය අයකු මෙල්ල කරයි කුරුණෑගල ගෝනගම ඉන්ධන පිරවුම්හලට පෝලිමෙන් පැන ඉන්ධන ලබා ගැනීමට උත්සාහ කිරීමේදී එය වැළැක්වූූ වැයි කියන පොලිස් නිලධාරීනට තියණු ආයුදයකින් පහර දීමට ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි . 24 July 2022
වඳුරු උණ: ගෝලීය හදිසි තත්ත්වයක් ‘වඳුරු උණ’ (මන්කිපොක්ස්) හෙවත් ’වදුරු පැපොල’ වයිරසය සම්බන්ධයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ. 24 July 2022
ඉන්ධන හලේ දී පොලිසියට පහර දෙන්න හැදූ අයකු අල්ලයි පිලියන්දල මඩපාත ඉන්ධන පිරවුම්හලක අසලදී පොලිස් නිලධාරියකුට තියුණු ආයුධයකින් පහර දීමට තැත් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි. 24 July 2022
කෝච්චි පාර අයිනෙන් මළසිරුරු දෙකක් හමු වෙයි අඹේපුස්ස හා බෝතලේ දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි පටු දුම්රිය මාර්ගය අයිනේ වැටී මියගොස් සිටි පුද්ගලයන් දෙදෙනකුගේ සිරුරු හමු වූ බව මීරිගම පොලිසිය කියයි. 23 July 2022
මෝටර් රථයක් ඇඟට වැටී කුඩා දැරියක් මරුට නිවස ඉදිරිපිට මිදුලේ පාපැදියක් පදිමින් සිටි හත් හැවිරිදි දැරියක ඇඟමතට මෝටර් රථයක් වැටීමෙන් බරපතල තුවාල ලබා මියගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි. 23 July 2022
දුම්රිය ස්ථානාධිපතිවරු ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත් වෙති සියලුම දුම්රිය ස්ථානවල ප්‍රවේශපත් නිකුත් කිරීමේ කටයුතුවලින් දුම්රිය ස්ථානාධිපතිවරු අද (23) පස්වරු 6.00 සිට ඉවත් වූ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය. 23 July 2022
ආරක්ෂක ලේකම් ත්‍රීකුණාමලය රණවිරු ස්මාරකයට උපහාර පුදකරයි යුද්ධයේදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ වැඩසටහනක් ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ පැවැත්විණි. 23 July 2022
පොලිසියේ දෙකකට කැති ප්‍රහාරයක් පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පිටිගල තලගස්පේ ප්‍රදේශයට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහර දීමෙන් බරපතල තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර සැකකරුටද පොලිස් වෙඩිතැබීමකින් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පිටිගල පොලිසිය පවසයි. 23 July 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026