
(ඩයනා උදයංගනී)
75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ජනමාධ්‍ය අමාත්‍යාංශය,තැපැල් දෙපාර්තමේන්තුව සහ මුද්දර කාර්යාංශය එක්ව සංවිධානය කළ ‘නිදහස් මුද්දර දැක්ම’ කොළඹ, ඩී.ආර් විජයවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ දී අද (6) ආරම්භ විය.
මෙය විවෘත කිරීම ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර, අමාත්‍යවරයා ඉන් අනතුරුව ප්‍රදර්ශනය නැරඹූ අයුරු ඡායාරූපයේ දැක්වේ.
තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අංශ ප්‍රධානී, නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ, මුද්දර කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ලංකා ද සිල්වා යන මහත්වරු ද මෙහි වෙති.
මෙම ප්‍රදර්ශනය මෙම මස 12 වැනිදා දක්වා දිනපතා උදෑසන 9.00 සිට රාත්‍රී 7.00 දක්වා නොමිලයේ නැරඹිය හැක.
(ඡායාරූපය: ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ තිබුණ නිදහසක්ද ?
මෙ දහ දෙලොස් දෙනා විතරද මෙක බලන්න ඇවිල්ල තියෙන්නෙ.. ? උත්සවෙ වියදම කියක් වගෙ වෙන්න ඇතිද?? සාකුවට දාගන්න කොටසත් එක්කම. . ??