
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම තිරසර සංවර්ධන අරමුණු ජය ගනු ඇතැයි තමා විශ්වාස කරන බව එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් ගෝලීය හරිත වර්ධක ආයතනයේ සභාපති බෑන් කී මූන් මහතා පැවසීය.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිටින්නේ පරිණත, බුද්ධිමත් නායකයෙක් බවද බැන්කි මූන් මහතා කීය.
කොළඹ හිල්ටන් හෝටලයේ පැවති “හරිත වර්ධන මාවතකට ශ්‍රී ලංකාව ගෙන යාම වේගවත් කිරීම සඳහා වූ උපාය මාර්ග සහ ක්‍රියාමාර්ග පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවට එක්වෙමින් බැන්කි මූන් මහතා මෙි බව පැවසීය.
"මම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා ලෙස මීට වසර හය හමාරකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියා . එදා ලංකාවේ තිබුණු තත්ත්වය සහ අද තිබෙන තත්ත්වය අතර විශාල වෙනසක් පවතිනවා. එය ආර්ථික, දේශපාලන හා සමාජයීය වෙනසක් යනුවෙන් ද බැන්කි මූන් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ප්‍රජාතන්ත්‍රවාදී" කියන වචනය ලියන්නවත් දන්න කෙනෙක් මේක කිව්වා නම් ටිකක් සලකා බලන්න තිබුණා නේද?
බෑන් කී මූන්ට මේ වෙලාවේ ලංකාව වෙනුවෙන් කරන්න පුළුවන් කිසිම දෙයක් නෑ... රනිල් නිකං ගොබ්බසේන වගේ මේ වගේ ප්රවෘත්තිවලින් තමයි ගොඩයන්න බලන්නේ.
අවුරුදු 79 ක් වයසැති මේ මහල්ලා තමන්ට තරු පහේ හෝටලයකින් නොමිලේ ලැබෙන කෑම වේලක් වෙනුවෙන් මෙවැනි පුරසාරම් දොඩවනේ රනිල් ගැනවත් ශ්රිලංකාව ගැනවත් විතරක් නොවෙයි ප්රජාතන්ත්රවාදය කියන්නේ මොකක්ද කියලාවත් තිරසර සංවර්ධනය කියන්නේ මොකක්ද කිය.ලාවත් නොදැන බව නම් සහතිකයි.
අනුන්ගෙ ගානෙ බොන එකාලත් ඔහොමයි... බොන්ඩ අරන් දීපු එකාගෙ නැති හොඳ කියවනවා... අපි නොදන්න මූන්.. පිස්සු හැදෙන සඳ!
එහේ දන්නව ප්‍රජාතන්ත්‍රවාදී කියන එක ඉංගිරිසියෙනුයි කොරියානුවෙනුයි ලියන්න.
යකෝ! ඇමරිකන් පක්කලියො ඔක්කොම මෙහෙ කඩා පාත් වෙලා වනල යන්නෙ රනිලුත් ඇමරිකන් පක්කාලියෙක් හින්දාද?