හදිසි නීති විවාදය හෙට හදිසි නීතිය පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී හෙට (27) දවස පුරා පැවැත්වේ. 26 July 2022
මෙහෙකාරිය වැදූ දරුවා මැරුවයි දොස්තර අල්ලයි දරු ප්‍රසුතියෙන් පසු බිළිදු පිරිමි දරුවෙක් හුස්ම හිරකර ඝාතනය කර ළිඳකට දැමීමේ සිද්ධියට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව මඩකලපුව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 26 July 2022
රජයේ කැබිනට් ප්‍රකාශක බන්දුල රජයේ කැබිනට් ප්‍රකාශකවරයා ලෙස මහාමාර්ග, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පත්කරනු ලැබ ඇත. 26 July 2022
ලක්ෂ 90ක රත්ත්රං හා වාලම්පූරියක් සමඟ 3ක් අල්ලයි රුපියල් ලක්ෂ 90 ට අධික වටිනා රන් ග්‍රෑම් 470 ක ප්‍රමාණයක් හා වාලම්පූරියක් නීති විරෝධි ලෙස ඩිංගි යාත්‍රාවකින් ඉන්දියාවට රැගෙන යාමට තැක් කළ සැකකරුවන් තිදෙනෙකු මන්නාරම පේසාලේ ප්‍රදේශයේ දී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 26 July 2022
අලුත් වන රක්ෂිතයක් නම් කරයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සාම්පලතිව් කලපුව අවට ප්‍රදේශය සංවේදී පරිසර කලාපයක් මෙන්ම ස්වභාවික වන රක්ෂිතයක් ලෙස නම් කිරීමට කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය තීරණය කර තිබේ. 26 July 2022
ඉන්දියාවෙන් තවත් ආධාර තොගයක් තමිල්නාඩුවෙන් පරිත්‍යාග කළ ඩොලර් මිලියන 40 කට අධික වටිනාකමින් යුත් සහල්, කිරිපිරි සහ ඖෂධ ඇතුළු භාණ්ඩ තොගයක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා අද (26) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පිරිනැමීය. 26 July 2022
ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂවරු තිදෙනෙක් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකවරුන් තිදෙනෙක් පත් කරනු ලැබ තිබේ. 26 July 2022
ගම්පහ යළි කොරෝනා අවදානමක් කිරිබත්ගොඩ රෝහල් කාර්ය මණ්ඩලයෙහි හත් දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු ඇති බවත් එම රෝගීන් රාගම රෝහලෙහි ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය අංශ පවසයි. 26 July 2022
අමාත්‍යාංශ විෂය පථයන් ගැසට් කෙරේ සියලු අමාත්‍යාංශවල විෂය පථයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. 26 July 2022
ත්‍රිරෝද තෙල් මාෆියාවට ඇමතිගෙන් වැටක් සියලුම ත්‍රීරෝද රථ භාවිතාකරන්නන්ගෙන් ත්‍රීරෝද රථය අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ලියාපදිංචි කළ යුතු බවත් ඉන්ධන ලබාගන්නා පිරවුම්හලක් මේ මස 31 දිනට පෙර නම් කළ යුතු බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 26 July 2022
උපකරණවලට ඉන්ධන දෙන්න ප්‍රා.ලේ. ළඟ ලියාපදිංචි වෙන්න උද්‍යාන උපකරණ, විදුලි ජනක යන්ත්‍ර සහ ඉන්ධන අවශ්‍ය සෙසු උපකරණ භාවිතා කරන්නන් සිය සතියක ඉන්ධන අවශ්‍යතාව පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු බවත් ඒ සඳහා ඉන්ධන පිරවුම්හලක් ද නම් කළ යුතු බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 26 July 2022
පළාත් 6 කට වැසි බස්නාහිර සහ දකුණු පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවන අතර සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 July 2022
පොදු තැනවල මුහුණු ආවරණය අනිවාර්යයි රටේ වර්තමානයේ පවතින ‘කොවිඩ් 19’ තත්වය සැලකිල්ලට ගෙන පොදු ස්ථානවල, ගෘහස්ථ රැස්වීම්වලදී සහ පොදු ප්‍රවාහනයේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කළ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. 26 July 2022
අපිට ටිවිටර් පණිවිඩ නෑ මන්ත්‍රීවරුන් හැත්තෑ දෙදෙනකුගේ ගෙවල් ගිනි තියද්දී ඒ අපරාධයට විරුද්ධව නීතිඥ සංවිධානය හෝ මානව සංවිධාන හෝ තානාපතිවරුන් හෝ කිසිදු ටිවිටර් පණිවිඩයක් නිකුත් නොකළ බව කණගාටුවෙන් වුව පෙන්වා දෙන්නේ යැයි හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය. 26 July 2022
ජනපති කොඩිය සරමට ගත්ත හොරා ආරක්ෂක කැමරාවේ කොටුව ජනාධිපති මන්දිරයට ඉකුත් නව වැනි දා ඇතුළුූ පිරිස අතර සිටි පුදගලයකු එම මන්දිරයේ සවිකර තිබූ ජනාපති නිල කොඩිය සොරගෙන යන අයුරු එහි ආරක්ෂක කැමරාවක සටහන් වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 26 July 2022
විපක්ෂයෙන් නව පෙරමුණක් ළඟදීම ඩලස් අලහප්පෙරුම විමල් වීරවංශ යන මහත්වරුන් පෙරටු කරගෙන විපක්ෂයේ නව පෙරමුණක් ළඟදීම පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය. 26 July 2022
බණ්ඩාරගමිනුත් ඉන්ධන වංචාවක් හසු වෙයි කැබ් රථ දෙකක ඇන්ජිම හා ඉන්ධන ටැංකිය අතර ඉන්ධන ගමන් මාර්ගය ව්‍යාජ ලෙස වෙනස් කර හා අංක තහඩුව ද ව්‍යාජ අයුරින් වෙනස් කර පෙට්‍රල් ලබා ගැනීම සඳහා බණ්ඩාරගම නගරයේ ඉන්ධන පිරවුම් හලක් අසල පෝලිමේ රඳවා තිබූ කැබ් රථ දෙකක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි. 25 July 2022
කොරෝනා ආසාදිතයන් 75ක් වාර්තා වෙයි කොවිඞ් 19 වයිරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි දෙදෙනකු අද මියගිය බවත් වයිරසය ආසාදිතයින් 75 දෙනකු වාර්තා වු බවත් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 25 July 2022
සර්ව පාක්ෂික ආණ්ඩුව විසි දෙක සම්මත කරගත් පසුව විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමත් සමගම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. 25 July 2022
රාජිතගේ නැව් අටේ නඩුව ඉල්ලා අස්කර ගනී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නෞකා 08ක් මෙරටට ගෙන්වීම සහ මෝදර ධීවර වරාය බදුදීම සම්බන්ධයෙන් වන නඩුව ඉල්ලා අස්කර ගන්නා බව අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (25) ප්‍රකාශ කළේය. 25 July 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවකට අපට ආරාධනා නෑ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තවමත් තමන්ට නිල වශයෙන් ආරාධනා ලැබී නැතැයි දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂවල නායකයෝ පැවසූහ. 25 July 2022
ගස් කපන්නා ඉන්ධනහල් හිමිකරුගේ පුතා කියතෙන් කපන්න හදලා චේන්ෂෝ මැෂිමට අවශ්‍ය ඉන්ධන නිකුත් නොකළැයි උරණ වී දෙයියන්දර ඉන්ධන පිරවුම්හලේ හිමිකරුගේ පුත්‍රයාට බැණ තර්ජනය කරන චේන්ෂෝ කියතින් කපා තුවාල කිරීමට තැත් කළ ගස් කරන්නකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව දෙයියන්දර පොලීසිය පවසයි. 25 July 2022
ජනපති මන්දිරයෙන් පිත්තල බෝල ඉස්සූ තිදෙනා රිමාන්ඩ් ජනාධිපති මන්දිරයට බලෙන් ඇතුළු වී එහි ජනෙල් තිර රෙදි එල්ලීම සදහා බිත්තිවල සවිකර තිබූ රත්රන් පැහැති පිත්තල බෝල 40ක් සොරකම්කරන ලදැයි වැලිකඩ පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (25) නියෝග කළේය. 25 July 2022
හොර ඉන්ධන ටැංකියක් සවි කළ වෑන් රියක් අල්ලයි ව්‍යාජව සකස් කළ ඉන්ධන ටැංකියක් සවිකළ වෑන් රථයක් බේරුවල හෙට්ටිමුල්ල සිපෙට්කෝ ඉන්ධන හලේ තිබී සොයාගෙන ඇත. 25 July 2022
අරගලකරුවන් රූපවාහිණීයට කඩා වැදීම ගැන පරීක්ෂණයක් අරගලකරුවන් පිරිසක් ජාතික රූපවාහිණී සංස්ථාවට කඩා වැදී මධ්‍යවේදීන් ඇතුළු කාර්ය මණ්ඩලයට තර්ජනය කර බියගන්වා සජීවි රූපවාහිණී වැඩසටහනකට සම්බන්ධවීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් ආරම්භ කළ බව කුරුදුවත්ත පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරියේ අද (25) කරුණු වාර්තා කර ඇත. 25 July 2022
ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට සාගල පත්කරයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පත් කරනු ලැබ තිබේ. 25 July 2022
ඉන්ධන ළඟ තබාගත්තැයි ඇල්ලූ ව්‍යාපාරිකයා නිදොස් කර නිදහස් නීතීවිරෝධී ලෙස ඩීසල් තොගයක් ලඟ තබා ගන්නා ලදැයි කියමින් අත්අඩංගුවට ගනු ලැබු ව්‍යාපාරිකයකු නිදොස් කොට නිදහස් කළ මහර අතිරේක මහෙස්ත්‍රාත් ජනනී පෙරේරා මහත්මිය ව්‍යාපාරිකයා ලඟ තිබී අත්අඩංගුවට ගත් ඩීසල් තොගය යළි ඔහුට බාරදෙන ලෙස සපුගස්කන්ද පොලිසියට නියම කළාය. 25 July 2022
ජනපති ඉන්දීය ජනපතිනියට සුබ පතයි ඉන්දියාවෙි නව ජනාධිපතිවරියගේ නායකත්වය දෙරට භුක්ති විඳින සුහද සබඳතා ශක්තිමත් කරන්නට නව ජවයක් ලබා දෙනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 25 July 2022
එළවළු පැළත් ගණන් උස්සයි වගා කිරීම සඳහා අවශ්‍ය එළවළු හා මිරිස් ආදී පැලවල මිල ගණන් ද මේ වන විට ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. 25 July 2022
ඉන්ධන ආනයනය සීමා කරයි දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි වීම නිසා කිව්.ආර්. පද්ධතිය හඳුන්වා දුන් බවත් විදේශ විනියම අර්බුදය හේතුවෙන් ඉදිරි මාස 12 තුළ ද ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදුවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 25 July 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026