
(අංජුල මහික වීරරත්න)
ගොවීන්ට සහන සැලසීමක් ලෙස ගොවි ගිණුම්වලට බැර කරන ලද මුදල් වලින් රුපියල් මිලියන 1300ක මුදලක් ආපසු පැමිණ ඇතැයි ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
ගොවීන් වැරදියට ගිණුම් අංක ලබා දීම නිසා මෙම මුදල් ආපසු පැමිණ තිබේ.
මෙවර මහ කන්නයේ දී ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් යටතේ නැවත අය නොකරන මුදලක් වශයෙන් හෙක්ටෙයාර් එකකට රුපියල් 10,000ක් හා හෙක්ටෙයාර් දෙකකට රුපියල් 20,000ක් වශයෙන් රුපියල් බිලියන 8ක් ගොවි පවුල් ලක්ෂ 12ක් අතර බෙදා දීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.
මෙම මුදල් ගොවි ගිණුම් වෙත බැර කිරීමට පෙර ගොවි ජන සංවර්ධන මධ්‍යස්ථාවලට ලබා දී ඇති තම ගිණුම් අංක නිවැරදි ද යන්න අදාල ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ගොස් පරීක්ෂා කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය හා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව ගොවි ජනතාව වෙත දැනුම් දුන්නත් ඇතැම් ගොවීන් එම කටයුතු සිදු කර නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
2025 දෙසැම්බර් මස 30
81
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අතට දුන් බත්පත කටට දමා ගන්න බැරි වෙයි
චමින්ද Wednesday, 08 February 2023 12:59 PM
අපේ ප්‍රදේශයේ කෘපනිස හමුවූ වෙලාවෙ ඇයගෙන් ඒ ගැන විමසුවා ඇය කිව්වෙ මම ඒගැන දැනුවත් නැහැ කවුරු කොහේදී කොහොම මුදල් බැංකුවේ තැන්පත් කරනවාද දන්නෙ නැහැ කියලා තමයි කිව්වෙ .ඇත්තටම මෙහෙම දෙයක් වෙලානම් සෑම නාලිකාවක් හරහා ගොවීන් දැනුවත් කරල ඒ මුදල් ලබාදෙන්න දැන් ගොයම් කපනවිටවත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්
T.M kumarasinghe Wednesday, 08 February 2023 01:54 PM
මෙම මුදල ලබාදිම ක්‍රමවත් ලෙස සිදු කර නැත. සමහර දුෂ්කර ප්‍රදේශවල ගොවීන්ට මේම ගිනුම් අංකය පරීක්ෂා කිරීමට පෙර කිසිඳු දැනුවත් කිරීමක් කර නැත. තවද පිටිසර ගම්වාසි ගොවීන්ට මෙම ගිණුම් අංකය පරීක්ෂා කිරීමට ගොවිජන මධ්‍යස්ථානයකට යෑමට පමණක් ලැබෙන මුදලට වඩා වියදමක් බස් කුලිය ලෙස වියදම් කළයුතුයි. එමෙන්ම එම මුදල එසේ ගොස් ගිණුමට බැරකර ගත්තත් ලබා ගැනීමට තවත් දවසක් යායුතුයි. එම වියදම් හා වැඩ කරන ගොවියාගේ ශ්‍රමය කොපමණ අපතේ යනවාද? ඇයි ගමේ මිනිසුන්ට වැඩ කරන්න ඉන්න නිලධාරින් ගමේදි මෙම අංක පරීක්ෂාකර මෙම කටයුත්ත ගොවීන් අපහසුතාවයට පත්වන ලෙස කළ නොහැකිද? මුදල් ආපසු ගියේ නම් ගමේ නිලධාරියාගේ සිට ඉහළම නිලධාරි දක්වාත් පම්පෝරි ගහන සියලුම වගකීමක් නැති රට කන ඇමති කියන අයත් මේකට වගකිවයුතු නොවේද?
චමින්ද Wednesday, 08 February 2023 02:33 PM
ඉතාමත් නිවැරදියි වසමේ කෘපනිසලා වසමේ ගොවීන් ළගට ගිහිල්ලා තොරතුරු ගත්තා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ ඔවුන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන්න ඕන ඒ වගේම කියන්න ඕන මට සත්‍ය වශයෙන්ම සිදුවූ දෙයක් තමයි මුලින් තියෙන්නෙ ඒකටත් ඩිස්ලයික් දැමීමෙන් මෙම කටයුතුවල යම් අකටයුත්තක් වෙලා කියලා පැහැදිලියි
fairoos Wednesday, 08 February 2023 04:39 PM
හිටපු ඇමති නන්දසේනත් එක්ක එකතුවෙලා කෘශිකර්මාන්තය කෑව දැන් ඉන්න එක්කෙනා ගොවීන්ටත් වැඩේ දෙන්ඩයි යන්නෙ