(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දොළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් ගාල්ල ඕපාත ප්‍රදේශයේ නිවසක කාමරයක දින 8ක් තිස්සේ රඳවාගෙන යාතිකා කරමින් ඇය දූෂණය කළේ යැයි කියන කපුවකු අත්අඩංගුවට ගැනීමට ඕපාත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
එම දැරිය කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කර ඇති අතර ඇය පරීක්ෂා කළ වෛද්‍යවරයා ඇය දූෂණයකට ලක්ව ඇති බවට සඳහන් කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සැමියාට ඇතැයි කියන අපලයක් දුරු කර ගැනීමට යැයි කියා ඔහුගේ බිරිය මෙම කපුවා ඇගේ නිවෙසට ගෙන්වාගෙන ඔහු ලවා ශාන්ති කර්මයක් කරවාගෙන ඇති අතර දොළොස් හැවිරිදි දියණියට දේව වරමක් ලබාදිය හැකි බව පවසා ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
සිය දියණියට දේව වරමක් ලබා ගැනීමට ඇයගේ මවුපියන් කපුවාට කැමැත්ත ලබා දී ඇතැයි කියති.
පුද පූජා පවත්වා දින අටකට පසුව ඇයට දේව වරම ලැබෙන බව කපුවා පැවසීමෙන් පසුව කපුවා එම දැරිය සමග නිවසේ කාමරයක එම කාලය ගත කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
දින 8ක කාලයක් පිරුණු දින රාත්‍රියේ දැරිය පමණක් තබා සියලු දෙනාටම තමා දැනුම් දෙන තෙක් නිවෙසින් පිටව යන ලෙස කපුවා පරලවී දැනුම් දී ඇතැයි ද එම නිලධාරියා කීය.
දේව වරමින් ලබාදුන් නියෝගයක් නිසා එම නියෝගයට අවනත වෙමින් දැරිය කපුවාට බාර දී මවුපියන් ඇතුළු නිවසේ අය පිටතට ගොස් ඇතැයි එම නිලධාරියා පැවැසීය.
ප්‍රදේශයේ විදුලිය කප්පාදු කළ අවස්ථාවේ කපුවා දැරිය දූෂණය කර ඒ ගැන කිසිවකුට හෝ නොකියන ලෙස දැනුම් දී ඇති බවත් කාට හෝ පැවසුවහොත් පවුල පිටින්ම මරා දමන බවට පිහියක් පෙන්වා තර්ජනය කර ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.
දැරිය මේ බව ඇගේ නැන්දනියට දැනුම් දීමෙන් පසුව ඇය ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මිත්‍යා විශ්වාස පසුපස ගොස් අහිංසක දැරියකගේ ජීවිතය අඳුරු කර ඇති බවත් මෙවැනි වංචාකාරයන්ට පසු නොවන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.
දැරියක මේ ආකාරයට කාමරයක පිරිමියකු සමග තනිකර යෑමෙන් එම දැරියගේ මවුපියන් කර ඇත්තේ ද බරපතළ වරදක් බව ද අජිත් රෝහණ මහතා කීවේය.
මවුපියන් මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
මෙම දැරිය වැඩිවියටවත් පත් වී නැති බව ඇයගේ මව පොලිසියට පවසා ඇතැයි කියති.
දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ උපදෙස් මත ගාල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිස් ගමගේ සහ ගාල්ල සහකාර පොලිස් අධිකාරී ජගත් සමරසිංහ යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ ඕපාත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දිම ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදෘශ්‍යමානයක පල විපාක .රැවටෙන්න එපා
මේවගේ මෝඩයො ඉන්නකං රට ගොඩදානව බොරු වෙනද වගේම දියවන්නාව ජඩ දේශපාලුවන්ගෙන් පිරී ඉතිරෙයි.
මේ වගේ මිනිස්සුත් එක්ක රට බංකොලොත් වෙලාවත් ඉතිරිවෙච්ච එක ලොකු දෙයක්.
මේ තරමක් දියුණු ලෝකයක මෙවැනි මිත්‍යා මත පසුපස යන අය තවමත් ඉන්න එක ගැන සැබවින්ම කණගාටුදායක යි .
ද වරම ඇත්තේ සරම අස්සේ... කෙල්ල්ගේ මහ එවුන්ට ඒක නොතේරුනේ කෙල්ලට වරමක් අරගෙන මිනිස්සු හූරන් කන හොර බිස්නස් එකේ රහ වැටිලා තිබුනු නිසයි... මහ එවුන් හිරේ දාන්න ඕනි මේවට
මෝඩ දෙමාපියන්. මේ අයටත් ඡන්ද අයිතිය ඇති රටක අපි ජීවත් වෙන්නේ කියලා හිතෙනකොට බය හිතෙනව.
මෙ වගෙ මොඩ මිනිස්සු බහුතරයක් ඉන්න රටක නුසුදුසු පුද්යින් බලයට පත් කරගැනීම නැවැත්විය නොහැක.
මෙවැනි සිදුවීම් කාලයක සිට වාර්තාවේ. කොතරම් දැනුවත්කළත් වැඩක්වී නැත. හොර කපුවන් වරම් දෙනබව කියා කාන්තාවන් දූෂණය කරති. ඒවා මාධ්‍යට වාර්තාවෙන්නේත් නැත. බක්තියෙන් හිස අවුල්කරගත් අයට බුධිය නැත.
මෙ වගෙ කතා මෙච්චර ජන මාද්‍ය වලින් ප්‍රචාරය වෙද්දි මෙ මව්පියන් මෙ තරම් අමනොඥ තාලෙට වැඩ කලා කියන්නෙ.. ඉතින් හොරුන්ට චන්‌දෙ දන්න අයම වෙන්න ඔන.. මම හිතනව මෙ මව්පියන් දේපලත් දඬුවම් ලැබිය යුතුයි. . තමන්ගෙ පොඩි දරුවෙකුට මෙච්චර හානියක් කරන්න ඉඩකඩ හැදිලා ඇස් කන් පියාගෙන උන්නා කියන්නෙ.. අයියො මෙ රටෙ මිනිස්සු...
ළමා රක්ෂණ අධිකාරිය ඇයි මේ ළමයාගේ දෙමව්පියන්න්ට විරුද්ධව නිතිය ක්‍රියත්මක නොකරන්නේ . ළමයෙක් අනාරක්ෂිත කිරීම , ළමා අපයෝජනයකට අනුබල දීම
කොච්චර දැනුවත් කරලත් මෙහෙම වෙනවා කියන්නේ ලංකාවේ නීතියෙන් මේ අයට දෙන දඬුවම ලිහිල් නිසා .එලියට ඇදලා අරගෙන ලාච්චුවේ තියලා හිරකරානම් මේ අය බයවෙනවා