
(ඩයනා උදයංගනී)
කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති, ස්වර්ගස්ථ වූ ඔස්වල්ඩ් ගෝමිස් කොළඹ විශ්‍රාමික අගරදගුරුතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී අද (6) පස්වරුවේ සිදුකෙරිණි.
මෙහිදී මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති දිව්‍ය පූජාවෙන් අනතුරුව දේහය එම ආසන දෙව්මැදුරේ භූමදානය කිරීම සිදුවිය.
ඒ විශාල පිරිසකගේ සෝ සුසුම් මධ්‍යයේය.
දේහය අද උදෑසන උන්වහන්සේ කුලපතිධූරය දැරූ කොළඹ විශ්ව විද්‍යාලය වෙත ද රැගෙන යනු ලැබිණි.
හිටපු අගරදගුරුතුමන් ඉකුත් 3 වැනිදා ස්වර්ගස්ථ විය.
ඡායාරූප - ළහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්ගේ කැමැත්ත
ඔස්වල්ඩ් ගොමිස් පියතුමෙක් නෙමෙයි. . රදගුරු හිමිපානන් කෙනෙක්..