IMG-LOGO

වි.කොට අධිකරණයේ කරුණු දක්වන්නැයි නියෝග

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවතෙන කාලය අතරතුර විදුලිය කප්පාදු කිරීමට එරෙහිව ලංකා ගුරු සංගමය ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සමේ වග උත්ත්රකරුවෙකු ලෙස නම් කර සිටින විභාග කොමසාරිස්වරයාට ජූලි මස 14 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට නියෝග කරමින් යළි නොතීසි නිකුත් කෙරින.

මෙම පෙත්සම ජූලි මස 14 වැනිදා අධිකරණය හමුවේ කැඳවන ලෙස නියෝග කෙරින. මෙම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිනි.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා නම් කරනු ලැබ සිටිති.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවතෙන කාල සීමාව තුළ විදුලිය කප්පාදු කිරීමක් නොකරන බවට ලංකා විදුලි බල මණ්ඩලය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට වූ පොරොන්දුව ඉටු නොකළ බව පෙත්සමේ සඳහන් වේ.

මේ හේතු අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසුන්ට දැඩි අසාධාරණයක් සිදු වූ බවද එමගින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවද පෙත්සමේ සඳහන් වේ.එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට නියෝග කරන ලෙසද තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙසද අදාළ කාල සීමාව තුළ විදුලිය කප්පාදු කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.



අදහස් (0)

වි.කොට අධිකරණයේ කරුණු දක්වන්නැයි නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 86 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 16 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site