(ඩයනා උදයංගනී)
දෙවසරක් තුළ රට පුරා පුවක් පැළ ලක්ෂ පහක් වගා කිරීමේ වැඩසටහනක් මෙරට ප්‍රමුඛ කෘෂිභෝග අපනයන සමාගමක් වන වයඹ සමූහ ව්‍යාපාරය මගින් ආරම්භ කර ඇත.
පුවක් වගාවට යෝග්‍ය ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය ‘වයඹ පුවක් අරුණ’ ලෙස නම් කර ඇති අතර, එය වැවිලි කර්මාන්ත සහ කෘෂිකර්ම අමාත්‍යාංශවල මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක කෙරේ.
පුවක්, කරුංකා මෙරට අපනයන භෝගයක් වන අතර, කරුංකා සඳහා ආසියානු කලාපය තුළ ඇති ඉල්ලුම අනුව මෙරට වාර්ෂික පුවක් අස්වැන්න සිව් ගුණයකින් පමණ ඉහළ නැංවිය යුතු බවත්, ඉදිරි වසර හය තුළ දේශීය පුවක් අස්වැන්න ඉහළ නැංවීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බවත්, වයඹ සමූහ ව්‍යාපාරයේ කෘෂිකර්ම ව්‍යාපෘති අධ්‍යක්ෂ නිමල් වීරතුංග මහතා පැවසීය.
ඉන්දියාව, පකිස්තානය, මැද පෙරදිග ආදී රටවලින් ලැබෙන පුවක් ඉල්ලුම සපුරාලීමට හැකි වුවහොත් වාර්ෂිකව ඩොලර් කෝටි 10ක විදේශ විනිමයක් උපයාගත හැකි අතර, වගා කරුවන්ට ද ඉහළ මිලක් උපයා ගැනීමට හැකිවනු ඇතැයි ඔහු සඳහන් කළේය.
මෙම පුවක් පැළ ගෙවතු මට්ටමෙන් වගා කිරීමට සැලසුම් කර ඇති අතර, අස්වැන්න මිල දී ගැනීම සඳහා වෙළෙඳ ගිවිසුම් ක්‍රමය හඳුන්වා දීමට ද සමාගම පියවර ගෙන ඇතැයි ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඒ් ගමන ත්‍රි ලොක විජය පත්‍ර අමතක වෙලාද? මෙ දෙකම කොහෙත්ම සුදුසු වගාවන් නොවෙ.
රටේ සම්පත් විකුණලා රට බංකොළොත් කරපු මේ හැත්ත පුවක් වලින් රට ගොඩගන්න කොට පෙරහැර ගිහින්...
සම්බන්ද කරගත හැකි දුරතථන අංකයක් ලබාදෙන්න
තව ටික දවසකින් උඹලට පුවක් නෙමෙයි ... පොල් ලෙලි තලන්න වෙන්නෙ
පුවක් වවන්න කැමතියි. ඒත් ඵලදාව හොරුන්ගෙන් රැකගන්නෙ කොහොමද? සමහරක් හොරු දේශපාලුවො සමග සම්බන්ධ නිසා උන්ට පොලිසියේ රැකවරණය ලැබෙනවා .ඉතින් වවලා මොකටද .මහන්සි වෙලා අන්තිමට දුක් විදින්නෙ ඇයි. එහෙම නම් විකිණීමට හා මිලට ගැනීමට අවසර පත්‍ර හදුන්වා දෙන්න
කොකො , රඹුටන් , ගම්මිරිස් , මෙ අතරට හැම පළතුරු වර්ගයක්ම රට පටවන්න පුලුවන් කාලයක් තමයි උදාවෙලා තියෙන්නේ !!!