IMG-LOGO

ඩොලර් ගේන්න පුවක් වවන්න යයි

(ඩයනා උදයංගනී)

දෙවසරක් තුළ රට පුරා පුවක් පැළ ලක්ෂ පහක් වගා කිරීමේ වැඩසටහනක් මෙරට ප්‍රමුඛ කෘෂිභෝග අපනයන සමාගමක් වන වයඹ සමූහ ව්‍යාපාරය මගින් ආරම්භ කර ඇත.

පුවක් වගාවට යෝග්‍ය ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය ‘වයඹ පුවක් අරුණ’ ලෙස නම් කර ඇති අතර, එය වැවිලි කර්මාන්ත සහ කෘෂිකර්ම අමාත්‍යාංශවල මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක කෙරේ.

පුවක්, කරුංකා මෙරට අපනයන භෝගයක් වන අතර, කරුංකා සඳහා ආසියානු කලාපය තුළ ඇති ඉල්ලුම අනුව මෙරට වාර්ෂික පුවක් අස්වැන්න සිව් ගුණයකින් පමණ ඉහළ නැංවිය යුතු බවත්, ඉදිරි වසර හය තුළ දේශීය පුවක් අස්වැන්න ඉහළ නැංවීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බවත්, වයඹ සමූහ ව්‍යාපාරයේ කෘෂිකර්ම ව්‍යාපෘති අධ්‍යක්ෂ නිමල් වීරතුංග මහතා පැවසීය.

ඉන්දියාව, පකිස්තානය, මැද පෙරදිග ආදී රටවලින් ලැබෙන පුවක් ඉල්ලුම සපුරාලීමට හැකි වුවහොත් වාර්ෂිකව ඩොලර් කෝටි 10ක විදේශ විනිමයක් උපයාගත හැකි අතර, වගා කරුවන්ට ද ඉහළ මිලක් උපයා ගැනීමට හැකිවනු ඇතැයි ඔහු සඳහන් කළේය.

මෙම පුවක් පැළ ගෙවතු මට්ටමෙන් වගා කිරීමට සැලසුම් කර ඇති අතර, අස්වැන්න මිල දී ගැනීම සඳහා වෙළෙඳ ගිවිසුම් ක්‍රමය හඳුන්වා දීමට ද සමාගම පියවර ගෙන ඇතැයි ඔහු කීවේය. 



අදහස් (6)

ඩොලර් ගේන්න පුවක් වවන්න යයි

Sunil Monday, 06 February 2023 02:42 PM

ඇයි ඒ් ගමන ත්‍රි ලොක විජය පත්‍ර අමතක වෙලාද? මෙ දෙකම කොහෙත්ම සුදුසු වගාවන් නොවෙ.

:       17       40

ranjith Monday, 06 February 2023 03:46 PM

රටේ සම්පත් විකුණලා රට බංකොළොත් කරපු මේ හැත්ත පුවක් වලින් රට ගොඩගන්න කොට පෙරහැර ගිහින්...

:       9       15

k r p priyashantha Monday, 06 February 2023 04:17 PM

සම්බන්ද කරගත හැකි දුරතථන අංකයක් ලබාදෙන්න

:       4       10

pakeer Monday, 06 February 2023 04:26 PM

තව ටික දවසකින් උඹලට පුවක් නෙමෙයි ... පොල් ලෙලි තලන්න වෙන්නෙ

:       8       9

ගජමිතුරු Monday, 06 February 2023 08:49 PM

පුවක් වවන්න කැමතියි. ඒත් ඵලදාව හොරුන්ගෙන් රැකගන්නෙ කොහොමද? සමහරක් හොරු දේශපාලුවො සමග සම්බන්ධ නිසා උන්ට පොලිසියේ රැකවරණය ලැබෙනවා .ඉතින් වවලා මොකටද .මහන්සි වෙලා අන්තිමට දුක් විදින්නෙ ඇයි. එහෙම නම් විකිණීමට හා මිලට ගැනීමට අවසර පත්‍ර හදුන්වා දෙන්න

:       0       0

ගනෙගොඩ Tuesday, 07 February 2023 01:56 AM

කොකො , රඹුටන් , ගම්මිරිස් , මෙ අතරට හැම පළතුරු වර්ගයක්ම රට පටවන්න පුලුවන් කාලයක් තමයි උදාවෙලා තියෙන්නේ !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 83 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 16 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site