
(යොහාන් භාසුර)
ආනයනය සහ අපනයනය අවස්ථාවලදී වන සියලුම රේගු වංචා පිළිබදව නිවැරදි තොරතුරු සපයන ඕනෑම පුද්ගලයෙන්ට ත්‍යාග මුදලක් පිරිනමන බව ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඒ අනූව තහනම් හා සීමා කරන ලද භාණ්ඩ, නියමිත රේගු බදු නොගෙවන ලද භාණ්ඩ, නීති විරෝධී මත්ද්‍රව්‍ය, දුර්ලභ ශාඛ සහ සත්ව කොටස් ආනයන සහ අපනයනය මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති අයිතමයන් අපනයනය වැනි රේගු වංචා පිළිබදව නිවැරදි තොරතුරු ඇත්නම් ඒ පිළිබදව ශ්‍රී ලංකා රේගුවේ පැය 24 පුරා ක්‍රියාත්මක 011-2471471 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එම නිලධාරියා කීය.
තොරතුරු ලබා දෙන සියලු දෙනාගේ පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය සුරක්ෂිත කරන බවත් රාජ්‍ය ආදායම සුරැකීම සහ සමාජ ආරක්ෂණය වෙනුවෙන් මෙම වැඩපිළිවෙල කරන බවත් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයේ උසස් නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොටම කළින් රේගුවේ අයගේ වත්කම් බලන්න.
රේගුවේ කට්ටිය එකතුවෙලා කරන වංචාත් දැනුම් දෙන්න තැනකුත් ප්‍රසිද්ධ කළානම් තමයි හොඳ...? රේගුවේ මහත්තුරු කරන්නෙත් සුළුපටු වංචා නෙමෙයි.
එහෙනම් ඔයාලා අස්වෙලා ගෙදර යන්න. අපි ඒවා බලාගන්නම්.
හොදට තියෙයි….!! දීකිරි වලටත් බළල්ලු සාක්කි කිව්වලු…. ඒ අයට දැන් බිස්නස් අල්ලලා දෙන්න ඕනෙත් අපිද…? රේගු නිලධාරින්ගේ දරුවන්ගේ මාපිය උරුමෙන් ආව දේපල ගැන කිසිම ආයතනයක් හොයලා තියෙනවාද? තරුණ ජනමාධ්‍යවේදීන්ට හොද මාතෘකාවක්…..