(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකු දැනට අස් වී ඇති බැවින් ඒ කොමිසම විසින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විදුලිය කප්පාදු කිරීමට එරෙහිව ගොනුකළ රිට් පෙත්සම පවත්වාගෙන යා නොහැකි බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපතිවරයා වෙනුවනේ දැනුම් දීම කරනු ලැබුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය විසිනි.

මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිනි.

මෙම පෙත්සම මෙම මස 8 වැනිදා සළකා බැලීමට දින නියම කෙරින.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විදුලිය කප්පාදු කිරීමට එරෙහිව නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම මෙම පෙත්සම ගොනු කර ඇත.